(විමුක්ති එස් රුද්‍රිගු)

නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා වන සාකච්ඡා ඉන්දියාව සහ යුරෝපා සංගමය  සාර්ථකව අවසන් කළේය.

සාකච්ඡා අවසන් කිරීම සඳහා යුරෝපා සංගමයේ සභාපති උර්සුලා වොන්ඩර් ලින් සහ යුරෝපා කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්ටා ඉන්දියාවේ නිල සංචාරයකට පැමිණියේය.

දෙපාර්ශ්වය වෙළෙඳ ගිවිසුමට අද හෙට  අත්සන් තබනු ඇතැයි විශ්වාස කරන බවත් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීමත් සමග වසර 20 ක් තිස්සේ ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී වෙළෙඳපොළ දෙක අතර පැවැති සාකච්ඡාවල අවසානය වනු ඇති බවත් එරට බලධාරීහු ප්‍රකාශ කළහ.

ඉන්දියාව සහ යුරෝපා සංගමය 2004 වර්ෂයේ සිට උපාය මාර්ගික හවුල්කරුවන් වන අතර වෙළෙඳ භාණ්ඩ සම්බන්ධයෙන් යුරෝපා සංගමය, ඉන්දියාවේ විශාලතම වෙළෙඳ හවුල්කරුවා වේ.