(රංජන් කස්තුරි)
මේ වසරේදී උපාධිධාරී ගුරුවරුන් 8,500ක් බඳවාගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
උපාධිධාරීන් 20,000කට රාජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ උපාධිධාරීන් 500ක් පළමුව බඳවා ගන්නා අතර ජාතික පාසල් සඳහා තවත් ගුරුවරුන් 3500ක් බඳවා ගන්නා බවද ඇමතිවරයා කීය.
මේ අතර උසස් පෙළ හදාරන සිසුන්ට සහ ගුරුවරුන්ට මේ වසරේදී අනිවාර්යෙන්ම ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදෙන බවද ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතුරු උපාධිධාරීන්ට අර කුලියාපිටිය වොක්ස්වැගන් කාර් ගරාජයට පත් කරන්න.
ගුරුවරුයි, ශිෂ්‍යයෝයි හැරෙන්නට ලංකාවේ වෙන රැකියා නොමැත. අපිට බදු ගහනවා ඒ ගොල්ලන්ට වැටුප් ගෙවනවා.
ටැබ් දෙන්න කලින් දුෂ්කර පාසල් වලට ඩෙස් බැංකු ටික දීලා යන්තම් නොතෙමි ඉන්න වහලවල් හදලා දෙන්න. ගුරුවරුන්ට ගුරු නිවාස හදලා දුන්නත් , පත්වීම අරන් තුන් මාසයක් යන්න කලින් ආපහු එන්නේ නවතින්නවත් හරියට තැනක් නැති නිසා. ළමයින්ට පෙළපොත් හරියට ලැබෙනවාද , පාසල් වල විද්‍යාගාර පහසුකම් ජල නල , පිරිසිදු පානිය ජලය තිබේද , විභාග හරියට සිදුවෙනවාද , පුස්තකාල තිබේද , පාසල් පරිපාලනය හරියට වෙනවාද , පාසලේ ළමා අපචාර සිදු වෙනවාද සොයා බලන්න. සුදුසුකම් ඇති දක්ෂයන් මගහැර පස්සා දොරින් ලැබෙන ගුරුපත්වීම් ගැන ඔබතුමා දැනුවත්ද ? එහෙම නැතිව ටැබ් එකක් දුන් පමණින් අධ්‍යාපනය ගොඩ යන්නේ නැහැ. අපි ඔය ටැබ් තියා කැල්කියුලේටර්වත් නැතිව ගණිතයට විශිෂ්ඨ සම්මාන ඇතිව පුස්තකාලයේ පොත් කියවා ගොඩ ගිය පරම්පරාවක්. හේතුව ඒ කාලයේ අපිට මම මුලින් කී මුලික පහසුකම් සහ විශිෂ්ඨ ගුරුවරු සිටිය නිසා.
ළඟ පාත මැතිවරණයක් එන පාටයි....!
මම දන්නා නුවර පැත්තේ තිබෙන කුඩා පාසලක ළමයින් 72 ක් ඉන්නා අතර ගුරුවරුන් 18 ක් ඉන්නවා. රජය කල යුත්තේ රැකියා දීමට වඩා රැකියා අවස්ථා වැඩි කිරීමයි.