IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


උද්ඝෝෂකයෝ රැස්වීමක් පවත්වති

(අංජුල මහික වීරරත්න)

කොළඹ කිව් පාරේ කෝවිල අසල රැස්වී සිටින ජනතාව මේ වනවිට රැස්වීමක් පවත්වමින් සිටී.

උද්ඝෝෂකයෝ එකිනෙකා මාර්ග බාධක උඩට නැගී ජංගම ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ජනතාව අමතති.

තමන් කොළඹට පැමිණියේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බවත් තමන්ට කන්නට බොන්නට නැති අවස්ථාවේ රට රැකගැනීමට ඉදිරිපත් වූ නායකයා වෙනුවෙන් දිවි හිමියෙන් කැපවෙන බවත් ඔවුහු පවසති.

"වැටුණු රට ගොඩගත් රනිල් වෙනුවෙන් අපි" " ජඩ දේශපාලනය පරදමු" ආදී පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂකයෝ රැස්වීමට සහභාගී වෙති.

"ඔවුහු මර්දනයට එරෙහිව" යනුවෙන් ලියූ වැකි සහිත රෙදි නළලේ බැඳගෙන සිටිති.

ඡායාරූප ලහිරු හර්ෂණ

 



අදහස් (4)

උද්ඝෝෂකයෝ රැස්වීමක් පවත්වති

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Tuesday, 26 August 2025 02:18 PM

මුං මේ කතා කරන්නේ හරියට ගෙදරින් ගෙනැල්ලා රටටම කන්න බොන්න දුන්නා වාගේ. බටලන්දෙන් එළොව ගිය තරුණයින්ගේ දෙමවූපියනුත් මෙතැනටම ඇවිල්ලා රැස්වීමක් පැවැත්වූවොත් කොහොම තියෙයිද?

:       0       0

Siri Tuesday, 26 August 2025 02:27 PM

හොරු අල්ලන්න එපා කියල ටිකදෙනෙක් හරි පාරට බස්සපු එකනම් ලොකු ජයග්‍රහණයක් මල්ලි. ඒ අස්සේ ''මම ඊස්වර දෙවියන්ගේ වයිෆ් '' කියන කෙනෙකුත් හිටියලු මල්ලි. හරි ෂෝක්.

:       13       33

ප්‍රියා Tuesday, 26 August 2025 03:13 PM

ඔන්න අද ප්‍රජාතන්ත්‍රවාදය, සහ නිදහස. ඒ කාලේ සොත්ති, උපාලි, ජුමනිපියේ අමරේ, චෝපේ, ගෝනවල සුනිල්, මර්වින්...ලාගේ යකඩ පොලු මුගුරු හමුදා නෑ...

:       1       10

විපරමා Tuesday, 26 August 2025 03:17 PM

මොලේ උඩ ඉන්න මෝඩ වහල්ලු, වැරැදි කළොත් දඩුවම් විදින්ඩම වෙනවා. ඒකවත් නොදන්න අය.. යුක්ති ගරුක, නීතී ගරුක රටක් දකින්න අකැමැති කාලකණ්ණි දූෂිත දේශපාලුවෝ වහල්ලු ඔක්කෝම එකතු වෙලා. දූෂිතයෙක් වෙනුවෙන් පෙනී සිටින මෝඩ වහල්ලු ඉන්න රටක් ලෝකෙම නැතුව ඇති...

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site