IMG-LOGO

උතුරු මැද ගුරු මාරුවලට එරෙහිව පෙත්සම යළි සලකා බලයි

(උපාලි ආනන්ද)
උතුරු මැද පළාත තුළ නීති විරෝධීව සිදු කෙරෙන  විදුහල්පති පත්වීම්  සහ ගුරු ස්ථාන මාරුවීම් වළක්වාලමින් උතුරු මැද අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය  මහාධිකරණයට ඉදිරිපත් කල පෙත්සමක් යළි සලකා බැලූ උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා මෙම චෝදනාවන්ට අදාලව විරෝධතා ඇත්නම්  ලබන සැප්තැම්බර් මස 7 වන දින ගොනු කරන ලෙස උතුරු මැද පළාත් ආන්ඩුකාර ලේකම්වරයා ඇතුලූ  වගඋත්තරකරරුවන්ට  නියෝග කළේය. 
ලංකා ගුරු සංගමයේ සභාපති ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා ජ්‍යෙෂ්ඨ නීතිඥ සජීව ගුනරත්න මහතා මගින් අනුරාධපුර මහාධිකරණයට යොමු කර ඇත.

මෙම පෙත්සෙමි වගඋත්තරකරුවන් ලෙස  උතුරු මැද පළාත් ප‍්‍රධාන ලේකම්  එච්.එම්.පී. බංඩාර උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් නිමල් වික‍්‍රමසිංහ සහ උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා ඒකනායක යන මහත්ම මහත්මීන් සහ උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිසන් සභාෙවි ලේකම්වරයා නම් කර සිටියි.  
පෙත්සම්කාර ලංකා ගුරු සංගමය වෙනුවෙන් අධිකරණයට කරුනු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ සජීව ගුනරත්න මහතා කියා සිටියේ උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්ක දෙකෙහි අධ්‍යාපන කලාප අටක පිහිටි රජයේ පාසල්වලට විදුහල්පතිවරුන් පත් කිරීම  විදුහල්පතිවරුන් පත් කළ යුතු නීතිමය ක‍්‍රමෙවිදයට පටහැනිව යමින්  වගඋත්තරකරුවන්  අත්තනෝමතික ලෙස සිදු කරමින් පවතින බවයි 

 



අදහස් (0)

උතුරු මැද ගුරු මාරුවලට එරෙහිව පෙත්සම යළි සලකා බලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site