රොමේෂ් මධුෂංඛ
හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා සිංහල පොලිස් නිලධාරීන් පළාතෙන් ඉවත් කර ඒ වෙනුවට දෙමළ ජාතික පොලිස් නිලධාරීන් යෙදවිය යුතු බව අවස්ථා කීපයකදීම ප්‍රකාශ කළත් අවසානයේ දී විග්නේෂ්වරන් මහතා ඇතුළු උතුරේ සියළුම දෙමළ දේශපාලන නායකයින්ට ආරාක්ෂාව සැලසුවේ සිංහල ජාතික පොලිස් නිලධාරීන් යැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.
ආණ්ඩුකාරවරයා එසේ පැවසුවේ කිලිනොච්චිය විවේකාන්නද විද්‍යාලයේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට සමත් වූ සිසුන් සඳහා පැවති ත්‍යාග ප්‍රදානෝත්සවය අමතමිනි.
එම විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසු දරුවන් විසින් ආණ්ඩුකාරවරයාව පිළිගෙන උත්සව සභාව වෙත කැඳවාගෙන එන ලද අතර එම අවස්ථාවට පළාතේ අධ්‍යාපන බලධාරීන් හා පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද සිසුන්ගේ මව්පියෝ ද සහභාගී වූහ.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා පැවසුවේ උතුරේ දෙමළ දේශපාලානඥයින්ගෙන් වැඩි දෙනෙකුට සිංහල භාෂාව කතා කළ නොහැකි නිසා සිංහල ජාතික පොලිස් නිලධාරීන්ගෙන් ආරක්ෂාව සැපයෙන අතරතුර භාෂා පරිවර්තන කටයුතු ද එම පොලිස් නිලධාරීන් විසින්ම සිදු කරන බවයි.
මේ නිසා මිනිසුන් භාෂා වශයෙන් බෙදා වෙන් නොකර සියළුම දෙනා මනුෂ්‍යයන් ලෙස ජීවත් වියයුතු බවත් කිලිනොච්චිය වැනි බහුතරයක් දෙමළ ජනතාව වෙසෙන පළාත්වල සිසුන් මනාව සිංහල හා ඉංග්‍රිසි යන භාෂාවන් ප්‍රගුණ කළ යුතු බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න මසුරන් අදහස් ..කරුමෙ කියන්නේ මේවා අදාළ අයට නො අැසෙන එක.........
විග්නේශ්වරන් යුද හමුදාවේ ආරක්ෂාව ඉල්ලලා තියෙනවනේ... ඉතින් හමුදාවේ දෙමල සොල්දාදුවෝ නැහැනේ...
අයි දැන් විග්නේස්වරම්ට දෙමල ජාතික ආරක්ෂකයන් ගැන සක හිතිලද ? නැත්නම් මහින්ද රාජපක්ෂ බලයට එම නිසා තැති ගෙනද ? සිංහලයන් බෞද්ධ සිද්ධස්ථාන උතුරින් නැගෙනහිරින් පලවා හරිය යුතුයි හමුදාව උතුරෙන් පන්න දැමිය යුතුයි කීව මිනිහ දැන් මොකද සලිතවෙලා දැන් තම හරි ට්‍රක් එකට වැටිලා තියෙන්නේ ඔහොම යන්