
(රෝහණ සමරවීර සහ ජයන්ත නානායක්කාර)
උඩවලව සංඛපාල ගල්බොක්කයාය කදුවැටියේ කොටසක් කැණීම් සිදුකිරීම සදහා කොම්පැණිවලට විකිණීමට එරෙහිව ප‍්‍රදේශවාසීහු පිරිසක් කොළඹ ඇඹිලිපිටිය ප‍්‍රධාන මාර්ගය උඩවලව ගල්කොරිය මංසන්ධියේදී සම්පූර්ණයෙන්ම අවහිර කරමින් අද විරෝධතාවක් පැවැත්වූහ.
එම විරෝධතාවය සංඛපාල ගල්බොක්කයාය කදුවැටිය සුරකීමේ ජනතා ව්‍යාපාරය සංවිධානය කර තිබූණි. එම විරෝධතාවයට සොබාදහම් පාසල නියෝජනය කරමින් වෑකඳවල රාහුල හිමි. වෙනසක තාරුණ්‍ය සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු වීරසේකර ඇතුළු පරිසරවේදීහු පිරිසක්ද සහභාගිවී සිටියහ.
ගල්බොක්කයාය ජල පෝෂක රක්‍ෂිත කදුවැටියේ අක්කර දෙසිය පනහක කොටසක් පෞද්ගලික කොම්පැණියකට පවරා දීමට බලධාරීන් කටයතු කර තිබෙනවා.
එහි කැණීම් සිදු කළහොත් කදුවැටිය ආශ‍්‍රිත ගම්මාන වල ජීවත් වන ජනතාවට ගැටැලූ රැසකට මුහුණ දීමට සිදුවෙනවා යැයි විරෝධතා කරුවෝ බිය පළකරමින් එහිදී පැවැසුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලුගල්වලට විකුණගෙන සීගිරිය... සීගිරි කුරුටු ගී බයිලා කළ හැකිය.
ඇති යාන්තම්... එරෙහි වෙලා පාරට බැහැපු පය ආපස්සට ගන්න එපා. මේ කාලකණ්ණි විකිණීමට විරුද්ධ වෙන්න. අපි ඔක්කොම පෙළ ගැහෙමු. ජලපෝෂක ප්‍රදේශ. ගමේ මිනිහෙකුට උදලු මිටක් කපන්න දෙන්නේ නැතිව ඇති. ගම, රට විකුණන්න. වැඩ කරන අපේ විරුවා... විකුණ විකුණා යනවා.
හොරා කාලා මදිවට දැන් රටේ කඳු ටිකත් කම්පැණි කාරයින්ට විකුණනවා. මේ රටේ මේ කාලකණ්නි දේශපාළුවෝ නම් මුළු රටට විතරක් නෙමේ, මේ ලෝකෙටම සාපයක්...
කෝ බයියෝ දැන් අදහස් දාන්න එන්නේ නැද්ද? සර් ෆේල්... රට කනවා.!
තවත් න්‍යායාත්මක ආරාධනාවක්... කරන්නද දන්නේ නැහැ කම්පැණිකාරයින් සූදානම් වෙන්නේ...