(ආරියරත්න රණබාහු)
උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂාව ප්‍රමාදවීම දිගින් දිගට ඇදි යාමට වගකිව යුත්තේ ආණ්ඩුව මිස තමන් නොවේ යැයි විශ්ව විද්‍යාල ආචාර්වරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය නිසි විසඳුමක් ලබාදීමට කටයුතු කළ හොත් ඉදිරියට එන නිවාඩු දින පවා නොතකා උත්තර පත්‍ර බැලීමට තම සාමාජිකයන් සූදානම් යැයි එම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යම් බන්නැහැක මහතා පවසයි.
රජය පනවා ඇති බදු ප්‍රතිපත්තිය නිසා අසාධාරණයට ලක් වූ සිය සාමාජිකයනන්ට කිසියම් සහනයක් ලබා දෙන ලෙස මිස වෙනත් කිසිදු ඉල්ලීමක් මේ හා සම්බන්ධව ගැට ගැසී නැතැයි පැවැසු බැන්නැහක මහතා මේ තුළ කිසිදු ජාතිවාදි ප්‍රශ්නයක් නැතැයි ද කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වෙනුවෙන් කැපවූ, මහන්සි වූ උගතුන් මේ බදු ප්‍රතිශතය නිසා අධෙර්යමත් වී ඇති බව පිළිගත හැකියි. එහෙත් ඔබගේ මේ ක්‍රියාවලිය පිළිගත නොහැකිය. සිසුන් ඇපයට තැබීම පිළිකුල් සහගතයි. සතියකට පැය කීයද ඔබලා සේවයේ යෙදෙන්නේ, ඉගැන්වීම් කරන්නේ...?