
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලකාවේ හදුනාගත් නව කර්මාන්ත ක්ෂේත්‍ර අතරින් ප්‍රමුඛතම ස්ථානයක් හිමිවන ඉසව් කළමණාකරණ (Event Management) කර්මාන්ත අංශයේ අභිවෘද්ධිය වෙනුවෙන් උපදේශන සභාවක් පත් කර තිබේ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සභාව පත් කෙරිණි. සේවා අංශය වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය උපදේශන සභාවක් පත්කළ පළමු අවස්ථාව මෙය වෙයි.
ශ්‍රී ලංකාවේ වසර 30 කට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන එන නිර්මාණාත්මක කර්මාන්තයක් ලෙස හදුනාගෙන ඇති මෙම ඉසව් කළමණාකරණ කර්මාන්තය 2025 වසරේදී රුපියල් බිලියන 60 ක වටිනාමක් සහිත ඍජු රැකියා අවස්ථා 30 000 ක්, වක්‍ර රැකියා අවස්ථා 80 000 ක් ලබාදී ඇති, පවුල් ලක්ෂ 4 කට අධික ප්‍රමාණයක් යැපෙන, ලංකාවේ ශිල්පීය දක්ෂතා ලෝකයට ගෙනයන දැවැන්ත කර්මාන්ත ක්ෂේත්රයක් වෙයි. ඉදිරියේදී මෙම කර්මාන්තය රැපියල් බිලියන 250 ක දක්වා වර්ධනය කර ගැනීම අපේක්ෂාවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd