
(නිමල් ජයරත්න )
වැලිකන්ද කාසන්වැව ප්‍රදේශයේදි අද (15) උදෑසන ඉසෙඩ්.ඩී. ඇලට වැටී අනතුරට පත්ව සිටි කෙනරක් වනජීවී නිළධාරීන් විසින් සිදුකළ පැය තුනක මෙහෙයුමකින් පසුව ගොඩට ගෙන කාසන්වැව රක්ෂිතයට පලවා හැරීමට හැකිව තිබේ.
ආහාර හා ජලය සොයා සෝමාවතිය රක්ෂිතයේ සිට ගම්වැදුණු කෙනරක් මෙලෙස අද අලුයම ඉසඩ්. ඩී. ඇලට වැටී අනතුරට පත්ව ඇති බව වැලිකන්ද වනජීවී නිළධාරීහු පැවසූහ.
ඉසෙඩ්. ඩී. ඇලට වැටී සිටි වන අලියා අඩි 8 ක් පමණ උසැති අවුරුදු 25ක් පමණ වයසකින් යුත් වන අලියෙකු බව වනජීවී නිළධාරීන් සඳහන් කරයි.
කෙනර ගොඩගැනීම සදහා පැය තුනක මෙහෙයුකමක් ක්‍රියාත්මක කිරීමට වැලිකන්ද වනජීවී නිලධාරීන්ට සිදුවූ අතර අවසානයේදී එම කෙනර විසින්ම ඉසෙඩ්. ඩී. ඇලේ කම්බි යොදා තැනූ පඩිපෙලකින් දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට පැමිණ කාසන්වැව රක්ෂිතයට පලා ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd