IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඉසෙඩ් ඩී ඇලට වැටුණු කෙනර පැය තුනකින් පසු ගොඩට

(නිමල් ජයරත්න  )

වැලිකන්ද කාසන්වැව ප්‍රදේශයේදි අද (15) උදෑසන ඉසෙඩ්.ඩී. ඇලට වැටී අනතුරට පත්ව සිටි කෙනරක් වනජීවී නිළධාරීන් විසින් සිදුකළ  පැය තුනක මෙහෙයුමකින් පසුව ගොඩට ගෙන කාසන්වැව රක්ෂිතයට පලවා හැරීමට හැකිව තිබේ.  

ආහාර හා ජලය සොයා සෝමාවතිය රක්ෂිතයේ සිට ගම්වැදුණු කෙනරක් මෙලෙස අද  අලුයම ඉසඩ්. ඩී. ඇලට වැටී අනතුරට පත්ව ඇති බව වැලිකන්ද වනජීවී නිළධාරීහු පැවසූහ.
 
ඉසෙඩ්. ඩී. ඇලට වැටී සිටි වන අලියා අඩි 8 ක් පමණ උසැති අවුරුදු 25ක් පමණ වයසකින් යුත් වන අලියෙකු බව වනජීවී නිළධාරීන් සඳහන් කරයි.

කෙනර ගොඩගැනීම සදහා පැය තුනක මෙහෙයුකමක් ක්‍රියාත්මක කිරීමට වැලිකන්ද වනජීවී නිලධාරීන්ට සිදුවූ අතර අවසානයේදී එම කෙනර විසින්ම ඉසෙඩ්. ඩී. ඇලේ කම්බි යොදා තැනූ පඩිපෙලකින් දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට පැමිණ කාසන්වැව රක්ෂිතයට පලා ගියේය.


 



අදහස් (0)

ඉසෙඩ් ඩී ඇලට වැටුණු කෙනර පැය තුනකින් පසු ගොඩට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1557 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site