
(විමුක්ති එස් රුද්රිගූ)
ඇමෙරිකා - ඊශ්‍රායල ප්‍රහාරවලින් ආරක්ෂා වීමට ඉරානයට චීනයේ සහාය හිමිවන බව චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී අද (02) ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි සමග පැවති දුරකථන සාකච්ඡාවකදී සහතිකයක් ලබා දී ඇතැයි චීන මාධ්‍ය වාර්තා කළේය.
විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි සමග පැවැති සාකච්ඡාවේදී ඉරානය සමග තිබෙන මිත්‍රත්වය චීනය අගය කරන බවත් ඉරානයේ ස්වෛරීභාවය, ආරක්ෂාව, බව්මික අඛණ්ඩතාවය සහ ජාතික ගෞරවය ආරක්ෂා කර ගැනීමට චීනයේ සහාය හිමිවන බව චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී ප්‍රකාශ කර ඇතැයි එරට මාධ්‍ය ප්‍රකාශ කළේය.
ඉරානයට සිදු කරන ප්‍රහාර වහාම නතර කරන ලෙස ඇමරිකාවෙන් මෙන්ම ඊශ්‍රායලයෙන් අමාත්‍ය යී ඉල්ලීමක් කර ඇතැයිද චීන මාධ්‍ය වාර්තා කළේය.
එසේම චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඕවා අරය සහ ප්‍රංශය සමගද දුරකථනය ඔස්සේ සාකච්ඡාවක් පවත්වා ඇතැයි ද චීන මාධ්‍යය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd