(ඩී.ජී. සුගතපාල )

කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන ඉරාන නාවිකයින් 32 දෙදෙනාගෙන් පස් දෙනකු  අද දහවල් මුදා හැරිය බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසිය.

අනෙක් 27 දෙනා තවමත් ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගෙන් ද කිහිප දෙනෙකු හෙට වනවිට මුදා හැරිමට හැකිවෙතැයි අපේක්ෂා කරණ බවද රෝහල් ප්‍රකාශකයා පැවසිය.

ටිකට් කපන ලද නාවිකයින් පස් දෙනා ඉරාන තානාපති කාර්යාලයේ මැදිහත් විමෙන් නාවික හමුදාව මගින් වැලිසර නාවික හමුදා රෝහලට ගෙන යාමට නියමිතව තිබිණ.