( ඩි.ජී.  සුගතපාල )

කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබු ඉරාන නාවිකයින් 84දෙනාගේ මළ සිරුරු ඉරානයට යැවිම සඳහා අද (13)  මත්තල ගුවන් තොටුපොලට යානයක් පැමිණියේය.  

පසුගිය 04වනදින අලුයම ගාල්ල වරායේ සිටි මුහුදු සැතපුම් 40ක් පමණ දුරදි එල්ලවු සබ්මැරින් ප්‍රහාරයකින් එම නැව මුහුදු බත් වු අතර එහිසිට මියගිය නාවිකයින් 84කගේ මළ සිරුරු ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් ගොඩබිමට ගෙනැවිත් කරාපිටිය රෝහලේ තැන්පත් කරණ ලදි.

මෙම මළ සිරුරු පිළිඳ පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්විමෙන් පසු මළ සිරුරු ඉරාන තානාපති කාර්යාලයට බාර දෙන ලෙස ගාල්ල මහේස්ත්‍රාත් වරයා 11වනදින කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කලේය.ඒ අනුව එදිනම සවස කොළඹ මල් ශාලාවකින් පැමිණි සේවකයින් පිරිසක් බෙහෙත් ගල්වා මළ සිරුරු එම්බාම් කලේය.

මෙම මළ සිරුරු සියල්ලම කරාපිටිය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කිරිමට ඉඩ නොමැතිවිම නිසා පිටතින් ගෙන එන ලද අධිශිතකරණ කන්ටේනර් දෙකක තබා තිබිණ.

  ඉරානයට යැවිම සඳහා පළමුවෙන්ම මළ සිරුරු 45ක් අද  අලුයම 5.30ට පමණ මත්තල ගුවන් තොටුපල වෙත පොලිස් ආරක්ෂාව සහිතව ගෙන යන ලද අතර ඉතිරි මළ සිරුරු 39 සවස දෙකට පමණ ලොරි රථ මගින් පොලිස් අරක්ෂාව යටතේ මත්තල ගුවන් තොටුපොලට  ගෙන යන ලදී.