
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස අයතුල්ලා අලි කමේනිගේ පුත් 56 හැවිරිදි මොජ්තබා කමේනි පිළිගත නොහැකි යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇක්සියෝස් පුවත් සේවය සමග පසුගියදා පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
කමේනි වෙනුවට පත්කළ හැකි සුදුස්සන් කීපදෙනකුම සිටි නමුත් ඉන් බොහෝ දෙනා ඇමෙරිකා - ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලින් මියගොස් ඇති බවත් ඔහු පැවැසුවේය.
වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ අත් අඩංගුවට ගැනීමෙන් පසුව එරට අන්තර්වාර ජනාධිපතිනිය ලෙස ඩෙල්සි රොඩ්රිගස් තෝරා ගැනීමට මැදිහත් වූ ආකාරයෙන් ඉරානයේ නව උත්තරීතර නායකයා තෝරා පත්කර ගැනීමටද ඇමෙරිකාව මැදිහත් විය යුතුයැයි ජනපති ට්‍රම්ප් පැවැසුවේය. ඉරානයේ නව උත්තරීතර නායකයාට තමාගේ අනුමැතිය හිමිවිය යුතු බවද ඇමෙරිකා ජනපතිවරයා ප්‍රකාශ කළේය.
අලි කමේනිගේ ප්‍රතිපත්ති අනුගමනය කරන පුද්ගලයෙකු නව ඉරාන නායකයා ලෙස තේරී පත්වුවහොත් තව අවුරුදු 5 කින් නැවතත් ඇමෙරිකාවට ඉරානය සමග යුද වැදීමට සිදුවනු ඇතැයි ජනපති ට්‍රම්ප් පැවැසුවේය. ඉරානයට සමගිය හා සාමය ගෙන ආ හැකි පුද්ගලයෙකු නව උත්තරීතර නායකයා ලෙස පත්වනු දැකීමට තමන් කැමැති බවද ඇමෙරිකානු ජනපතිවරයා ප්‍රකාශ කළේය.
ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මොජ්තබා කමේනි පත්කර ඇති බවට ඉරානය නිල වශයෙන් තහවුරු කර නැතත් ඉරාන මාධ්‍ය පසුගියදා වාර්තා කර සිටියේ ඉරාන නව උත්තරීතර නායකයා එරට විශේෂඥ සභාව මොජ්ටබා කමේනි පත්කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd