
(විමුක්ති එස් රුද්‍රිගු)
කාන්තා ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ පළමු තරගයේදී ඉරාන ජාතික ගීය ගැයීමෙන් වැළකී සිටි ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමට මානුෂීය වීසා බලපත්‍ර ලබාදීමට කටයුතු කළ බවත් එමගින් ඔවුන්ට ඕස්ට්‍රේලියානු සරණාගතභාවය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කළ හැකි බවත් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් මහතා අද තහවුරු කළේය.
එසේම ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණු බවද ඔහු පැවැසුවේය.
සරණාගතභාවය ඉල්ලා සිටි කාන්තා ක්‍රීඩිකාවන් පස් දෙනාට පමණක් නොව මුළු කාන්තා පාපන්දු කණ්ඩායමටම මානුෂීය වීසා ලබාදුන් බවත් නමුත් එම වීසා ලබාගන්නවාද නැද්ද යන අවසන් තීරණය එම ක්‍රීඩිකාවන් සතු වනු ඇති බවත් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඉරාන රජයට විරෝධයපෑමක් ලෙස එරට කාන්තා පාපන්දු කණ්ඩායම ජාතික ගීය ගැයීමෙන් වැළකී සිටියේය. ඉන් අනතුරුව නැවත ඉරානය බලා ගමන් කළහොත් දඬුවම් විඳීමට සිදුවනු ඇතැයි බියෙන් කාන්තා ක්‍රීඩිකාවන් පස් දෙනෙක් කාන්තා කණ්ඩායම රැඳී සිටි හෝටලයෙන් පැන ගොස් ඕස්ට්‍රේලියාවේ සරණාගතභාවය ඉල්ලා සිටියේය.
විදෙස් මාධ්‍ය මෙම සිදුවීමට විශේෂ අවධානයක් යොමු කිරීමත් සමග ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ ඕස්ට්‍රේලියානු රජය ඉරාන පාපන්දු ක්‍රීඩිකාවන්ට සරණාගතභාවය ලබා නොදුන්නොත් එම ක්‍රීඩිකාවන්ට සරණාගතභාවය ලබාදීමට ඇමෙරිකාව සූදානම් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd