( +++ සුජිත් හේවාජුලිගේ සහ නිමල කොඩිතුවක්කු)
පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමත් සමග තමා ඉබ්බා දියේ දැම්මා වැනි තත්ත්වයට පත්වුණු බව ගම්පහ දිස්ත්රික් එජාප පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා පැවැසීය.
රාමනායක මහතා මෙසේ පැවැසුවේ ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව ඉවත් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කළ විමසුමක දීය.
පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමත් සමගම තමා නිදහස් පුද්ගලයකු බවට පත්වූ බව පැවැසූ රාමනායක මහතා නිදහස් අදහස් පළ කිරීමට තිබූ යම් යම් බාධා ඉවත් වුණු බව ද ප්රකාශ කළේය.
ඉදිරි මහ මැතිවරණයට තරග වැදීමට එක්සත් ජාතික පක්ෂයෙන් අවස්ථාව නොලැබුණහොත් ස්වාධීනව තරග වදින බවත් එහිදී ජනතාව තමා ප්රතික්ෂේප කළහොත් දේශපාලනයෙන් ඉවත් වී පූර්ණකාලීනව රංගන කටයුතුවල යෙදෙන බවත් ඔහු සඳහන් කළේය.
රංගන කටයුතුවලට බාධා ඇතිවුවහොත් ඒ කටයුතුවලින් ඉවත් වී විදේශගත වන බව ද රාමනායක මහතා කීය.
හඬපට සිද්ධියේ දී තමා වෙනුවෙන් පක්ෂය පෙනී සිටීවි යැයි බලාපොරොත්තු වුවත් එය එසේ සිදුනොවූ බව ද ඒ ගැන තමා කනගාටු වන බව ද රන්ජන් රාමනායක මහතා ප්රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්නම් ඡන්දෙ... වරෙන්කෝ...!!!
මෝඩයා කියලා මරන්නද?
දෙගොල්ලම හොරු තක්කඩි. ඒ අයට ඔබව හිසරදයක්.....ඔබ ස්වාධීනව ඉල්ලුවොත් ඔබ දිනන එක ඉර හඳ වගේ විශ්වාසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය දශක කිහිපයක් තිස්සේ බලයට එන්නේ නැත.
ඔය වාගේ කෙනෙක් රටින් යන එක හොදයි.
ඒක තමයි ස්වාධීනව සී.ඩී තැටි ලාංඡනයෙන් තරග වදින්න. මේ ලාංඡනය තමයි ඔයා පිළිබඳව කාටත් හුරු. රට යන්න කලින් හිරේ යන්න වෙනවානේ.
ඔව් එතකොට තවත් කුපාඩි වැඩ කරන්න පුලුවන්නේ.............
උඩ සුදු යට කළු හඬපට පක්ෂය යන නාමය ගැළපේ. සීඩි තැටිය හෝ දුරකථනය පක්ෂ ලකුණ ලෙසත් ගන්න. ඔබ වැනි අය තෝරා එවූ අඳබාල ජනතාව ඔබ සමග සිටිනු ඇත.
" ඉබ්බා " නියමෙට ගැළපෙන වචනය. දැන් ඉතින් රන්ජන් කියන්නේ ඉබි මස් කන අයව හොයාගෙන යන ජාතියේ ඉබ්බෙක්. ඒක සනාථ වෙලා ඉවරයි.
මහාර්ඝ සම්පන්න වස්තුවක් යැයි සිතා අප හිස තබාගෙන සිටි අසූචි මුට්ටිය ඔබ විසින් පොළොවේ ගසා ඇත. ඒවා ගාගත් අය කලබල වී ඇත. අප යථාර්ථය දනී. අප මෙය දැන බොහෝ කල්ය.
ඔබ විසින් විනාශ කළේ හුදෙක් ඔබේ චරිතය පමණක් නොවේ. ඔබ සමග ලෙන්ගතුවන සියල්ලන්ගේම චරිත සහ ආත්මයයි. කරුණාකර මේ රටින් පිටව යන්න.
ඔයත් එහෙමද අතුල...?
පාර්ලිමේන්තු යැවිය යුත්තේ බුද්ධිමතුන් බවට රටම පිළිගත් අවස්ථාවක මෙවැනි හිස් මිනිස්සු ගැන කතාබහ කරන එකත් අපරාධයක්...
පාර්ලිමේන්තු යැවිය යුත්තේ බුද්ධිමත්ව රටට වැඩක් ඇති අය. නැතිව මේ වගේ ගොබ්බයින් නොවෙයි. දැනටමත් රටම ඒ සදහා පෙළ ගැසෙමින් ඉන්නවා. රට-පාර්ලිමේන්තුව කියන්නේ රගපාන තැනක් නෙවේ. මෙවැනි අය බොහොමයක් වත්මන් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ නිසා මෙවැනි අය රට පැටවීමම මේ රටට යහපතක්.
රන්ජන් අසුචි නාගෙන රටත් , සමාජයත් ගඳ ගස්වනවා .
ඉබ්බා දියේ දැම්මා වගේ මා දැන් නිදහස්ලු. ඔයටික රත්වෙන වතුර හැලියේ සිටි කකුළුවත් කීවා මතකද? දැන් අපි කකුළුවන් විතරක් නොවෙයි ඉබ්බොත් වතුරේ දාලා ලිපේ තියලයි කට්ට ගලවන්නේ. දෙවියෝ අඩිය තියන්න බය තැන්වල මෝඩයෝ කරනම් ගැසුවා.
ඉබ්බා දැන් ගල උඩ සිටී.