
(අජන්ත කුමාර අගලකඩ)
ඉන්ධන සැපයුම සාමාන්‍ය පරිදි කරගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (22) රාත්‍රී පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ඛනිජ තෙල් සංස්ථාවට උපදෙස් දී ඇත .
ඛනිජ තෙල් ආනයනය සඳහා අවශ්‍ය මුදල් පියවරෙන් පියවර නිදහස් කිරීමටද ජනාධිපතිවරයා ශ්‍රී ලංකා මහ බැංකුවට උපදෙස් දී ඇත .
මේ අතර , ඩොලර් නොමැතිව වරායේ නවතා ඇති ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 කින් යුත් ඉන්ධන නැව සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ඊයේ රාත්‍රියේම නිදහස් කරන ලෙසද ජනාධිපතිවරයා මම බැංකුවට දැනුම් දී ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් කෝටි 8000 ක හිඟ ණය මුදල මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමටද ඊයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබේ .
ඉන්ධන සහ විදුලි අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ කැබිනට් රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ රාත්‍රියේ පැවැත්විණි .
අගමැති මහින්ද රාජපක්ෂ මහතාද ඇමැතිවරු ද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු මහ බැංකුවේ නිලධාරීහු සහ මුදල් අමාත්‍යාංශ ලේකම් එස් ආර් ආටිගල මහතා ඇතුළු මහා භාණ්ඩාගාර නිලධාරීහු ද ඊට සහභාගි වූහ .
සවස පහට පමණ ආරම්භ වූ කැබිනට් රැස්වීම පැය හතරකට පමණ ආසන්න කාලයක් පැවති බවද වාර්තා වේ.
ඛනිජ තෙල් සංස්ථාව මුහුණ දී ඇති අර්බුදය සම්බන්ධයෙන් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා එහිදී දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් කර ඇත.
ඩොලර් නොමැතිවීමෙන් ඉන්ධන හිඟයක් දැනටමත් ඇති වී තිබෙන අතර,ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන බෙදාහැරීම සීමා කර ඇතැයිද ඇමැතිවරයා පෙන්වා දී ඇත .
කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අදහස් දක්වමින් ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඩීසල් හැර,ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල වැඩි කරන්නැයි ඉල්ලිමක් කර ඇත.
එසේ වුවද, ඉන්ධන මිල වැඩි කිරීමක් සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී තීන්දුවක් නොගත් බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයාට මොලේ නැද්ද කොහේද?
රට රකින විරුවා සිංදුව මතක් වෙනවා. පඹයෙක් ජනාධිපති කළාම මෙහෙම තමයි. රට ඉවරයි.
මහින්දානන්දගේ යෝජනාවනම් මරු... එතකොට අර්බුදය විසඳෙයි. මේවාට කොහෙන් හිනා වෙන්නද?
අපි පෙට්‍රල් ගහන්න සල්ලි දීලා.. ලංකාවේ පෙට්‍රල් මිල ඇමෙරිකාවේ මිලට වැඩිය 30%-40% ට වැඩියි. විදුලි බිලත් මාසෙන් මාසෙට ගෙවනවා. නැතිනම් ලයිට් කපනවා. මේ ආයතන 2 කොහොමද පාඩු ලැබුවේ...? දේශපාලකයෝ සහ නිලධාරීන් හොරාකාපු නිසාද?
මේ රට ආණ්ඩු කරන්නේ හරක් ගාලක්ද?
ආ... මුන්දැගේ උපදෙස් නැතිවනේ මෙච්චර දවසක් ඉන්ධන නැතිව ඉන්දලා තියෙන්නේ. මේ අයට අපිත් කොණ්ඩෙ බැඳපු චීන්නු වගේ පේනවද දන්නේ නැහැ..?
මොකද උපදෙස් දෙන්න මෙච්චර පරක්කු වුණේ..?
ඉන්ධනවලට ඩොලර් නිදහස් කළාම තව භාණ්ඩ හිඟ වෙනවා. අනෙක තව කොපමණ කලක් මෙලෙස ඉන්ධන මුදා ගන්නද? කුඩා දරුවෝ කිරිපිටි නැතිව බඩගින්නේ... රෝගීන්ට අවශ්‍ය ඖෂධ හිඟවෙමින් පවතියි. සිමෙන්ති දකින්නවත් නැත. ගෑස් සොයාගැනීම පහසු නැත. මේ අමාරුව කාට කියන්නද?
මේ අය මේ බොරුවක්නේ කරන්නේ.. යකෝ ඔහොම කිව්ව ගමන් දෙන්න ඩොලර් තියෙනවා නම් ඩොලර් නෑ කිය කිය වැලලෙන්න හදන්නේ මොකටද?
අනේ ඔව්... ඔබ කියන දේවල් ඒ විදියටම කරනවා...!!!