
(ඩයනා උදයංගනී)
ඉන්ධන මිල සංශෝධනය කිරීමට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව තීරණය කර ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
මෙම සංශෝධනය නුදුරු අනාගතයේදීම සිදුකිරීමට තීරණය කර ඇති බවත්, ඒ කවදාද යන්න දැන්ම ප්‍රකාශ කරන්නේ නැති බවත් ඇමතිවරයා සඳහන් කළේය.
මිල සංශෝධනය සිදුකරන දිනය දැන්ම ප්‍රකාශ නොකරන්නේ තෙල් පිරවුම්හල් ඉදිරියේ දිගු පෝලිම් ඇති වුවහොත් එය කොුවිඩ් පාලනයට අහිතකර ලෙස බලපාන නිසා බව ද ඇමතිවරයා කීවේය.
අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශයේදී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල දැවැන්ත ලෙස ඉහළ යද්දීත් අපි මාස 21කට අධික කාලයක් මිල සංශෝධනය නොකර සිටියේ ජීවන වියදම ඉහළ යාම හා ආදායම් අහිමිවීම හේතුවෙන් ජනතාව අතිශය දුෂ්කර තත්වයක සිටින බව දන්නා නිසා යැයි ද ඇමතිවරයා පැවසීය.
නමුත් තවදුරටත් එම දැවැන්ත අලාභය දරාගැනීමේ හැකියාවක් ආණ්ඩුවට නැතැයි ඇමති ගම්මන්පිල මහතා සඳහන් කළේය.
ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන විට මෙතරම් දිගු කලක් මිල වැඩි නොකර සිටි යුගයක් ඉතිහාසයේ කවදාවත්ම නොතිබුණු බව ද ඇමතිවරයා පැවසීය.
වියදමට වඩා අඩු මිලකට ඉන්ධන විකිණීම නිසා 2020 වන විට ඛනිජතෙල් සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 331ක් හෙවත් රුපියල් කෝටි 33,100ක් වී ඇතැයි කී ඇමතිවරයා ඒ හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ණය ගෙවා ගත නොහැකි බංකොලොත් ආයතනයක් බවට පත් වී තිබෙන බව ද කීවේය.
ඉන්ධන සඳහා වසරකට ඩොලර් බිලියන තුනක් හෙවත් රුපියල් කෝටි 300ක් වැයවන බවත්, පවතින විදේශ විනිමය අර්බුදය මැද එම මුදල වැය කිරීම ද අභියෝගයක් බවත් ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට කලින් ඔය මැති ඇමතිලා පදින V 8 වාහන ටික පාරෙන් අයින් කළොත් නරකද?
සංශෝධනය වැනි හරබර වචන නොකියා වැඩිකරනවා කියන්න පැකිලෙන්නේ මොකද?
ඇමැතිවරුන්ගේ වියදම් අඩු වුණොත් ලංකාව නිකම්ම දියුණු වෙයි..
හලෝ සර් දැක්ක කල්.... කොහෙද ගිහින් උන්නේ...!!!
කෝ බමුණුආරච්චි...?
දැන් රටේ පොදු ප්‍රවාහනය නැවතිලා, සංවරණ සීමා නිසා පෞද්ගලික ප්‍රවාහනයත් ඉතා සීමිතයි. කර්මාන්ත ඇණහිටලා. ඉන්ධන ඉල්ලුම මේ වනවිට පවතින්නේ අවම මට්ටමේ... රටේ ජනාධිපතිවරයාම නිවේදනය කරා මූල්‍ය ගැටළුවක් නෑ. අවශ්‍ය නම් එන්නතේ තෙවන මාත්‍රාව ඇණවුම් කරන්න කියලා.... අගමැතිවරයා නගර 100ක් ප්‍රවර්ධනයට රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදනත් කැබිනට් අනුමැතියෙන් වෙන් කර ගත්තා. රටේ හොඳ මුදල් සංසරණයකුත් තිබෙනවා. ඉතින් මොකද්ද මේ ඉල්ලුම පහළ යන විට මිල ඉහළ යාමේ අපූර්ව ආර්ථික න්‍යාය? ගරු බන්දුල ඇමතිතුමනි, ඔබටයි මේ අවස්ථාව...
සංශෝධන නෙවෙයි... කියපන් මිල වැඩි කරනවා කියලා.. වචන පටලවන්නේ නැතිව...
දැන් පරිප්පු මිල කොහොමද?
බන්දුල ගුණවර්ධනගේ ආර්ථික පර්යේෂණ ආයතනයට මොකද වෙලා තියෙන්නේ මේ දවස්වල?
ඉන්ධන පරිභෝජනය අඩුකරන්න නම් වාහන පාවිච්චි කරන කෙනෙකුට මසකට දුවන්න පුළුවන් කිලෝමීටර් ප්‍රමාණය ගණනය කොට ඉන්ධන සලාකයක් ලබාදීමයි කළයුත්තේ....
අප්පා දැන් මාර සනීපයක් දැනෙන්නේ
මිනිස්සුන්ට බලෙන් එන්නත් ගහන්න එන්නත් වලින් කොමිස් අරන් දැන් ඒවා අල්ලනවා බඩු මිල වැඩිකරලා...
2020 වසරේ ලෝක වෙළඳ පලේ බොරතෙල් මිල ඉතාම පහළට වැටුණත් ලංකාවේ තෙල් මිලෙහි කිසිම අඩුවක් සිදුවුයේ නැහැ. ඒක බොහොම හොඳයි. මම නම් කියන්නේ ඉන්ධන මිල තව වැඩිකළ යුතුයි. කරත්ත කාරයින්ව නැවත කරත්ත දැක්කා නම් යැවිය යුතුයි. පාලකයින්ට මිස මේ රටේ යටත් වැසියන්ට මොනවටද ඔය වාහන වලින් ගමන්...? මම නම් කියන්නේ.., දේශීය ගොවියන්ව නගා සිටුවීමට තව මේ රටේ සහල් හා එළවලු මිලත් දෙගුණයකින් වත් වැඩිකළ යුතුයි. නැත්නම්, ඕනෑවට වඩා කාලා තෙල් දාලා දඟලනවා. පිනට වැක්සින් විදලා.., රුපියල් පන්දාහකුත් හිඟන්නන්ට බෙදලා තව තෙල් මිලත් අඩු කරන්න කියලාද කියන්නේ..? මෙවැනි ආපදා අවස්ථාවක ජීවිතය පරදුවට තබා, ජනතා සේවය සඳහා කැපවෙන මේ රටේ පාලකයින්ට වාහන සහ ඉන්ධන සහන ලබාදීමට යම් පියවරක් ගැනීමයි කළ යුත්තේ...
එතකොට අර ඉන්ධන මිල අඩුවුණේ ඩොලර් 05ට විතර.. එතකොට ඉන්ධන මිල අඩු කළේ නැහැනේ. සංචිතයකට දානවා කිව්වා නේද? මට චුට්ටක් මතකයි එහෙම කිව්වා.
අර දැන් සැපද කියලා අහලා බලය ගත්ත මිනිහා දැන් මොකද දන්නේ නෑ කියන්නේ...?
මේ මොන මිනිස්සුද ඇමැතිකම් කරන්න?. ඒ වගේ අපතයින්ට තමයි තනතුරු දෙන ක්‍රමය පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ... මේ වගේ අපතයින්ට තවත් වැඳ වැඳ යන වහල්ලු ඉන්නේ ලංකාවේම විතරයි...
අන්න ලස්සනට සංශෝධනය කරලා. සර් නම් විභාගෙ නොලියම ඩිග්‍රි එක අර ගනියි වගේ...
තෙල් මිල වැඩිකරලා තවත් අප්‍රසාදයට පත්වෙනවා. ඒත් ඡන්දය කාලෙට තෙල් මිල පොඩ්ඩක් අඩු කරලා නැවතත් දිනනවා. අපේ බත්කන හරක් ඉන්නකම් හැමදාම ඔහොම තමයි.
අනාගතය හෙටයි...