
(තුසිත කුමාර ද සිල්වා)
ගාලු පාරේ අලූත්ගම ප්‍රදේශයේ ඩීසල් පෝලිමක සිටි පුද්ගලයන් දෙදෙනකු වෛද්‍යවරයකු ධාවනය කළ මෝටර් රථයක ගැටීමෙන් තුවාල ලබා නාගොඩ මහ රෝහලට ඇතුළත් කර බව අලූත්ගම පොලිසිය කියයි.
අනතුරෙන් තුවාල ලබා රෝහල්ගතකර ඇත්තේ බෙන්තොට හබුරුගල සහ මහාවිල ප්‍රදේශවල පදිංචි (30) හැවිරිදි රියදුරන් දෙදෙනෙකි.
මේ වනවිට අළුත්ගම පොලිස් අත්අඩංගුවේ සිටින එම වෛද්‍යවරයා දෙහිවල පින්වත්ත ප්‍රදේශයේ පදිංචි මඩකලපුව රෝහලේ සේවය නියුතු අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd