(අජන්ත කුමාර අගලකඩ)
ඉන්ධන මිල අඩු කරන්නේ නම් ,ඉන්ධන ආනයනය සීමා කර ,සලාක ක්‍රමයට ලබා දීමට සිදු වනු ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇත .
එසේ කරන්නේ නම් බදු අඩුකර, ඉන්ධන මිල පැවති තත්වයට ගෙනැවිත් සලාක ක්‍රමයක් සකස් කිරීමට කමිටුවක් පත් කරන්නැයි ද ගම්මන්පිල මහතා ඉකුත් සතියේදී පැවති කැබිනට් රැස්වීමේ දී යෝජනා කර ඇත
ඉන්ධන මිල වැඩි කිරීමට බලපෑ ප්‍රධාන සාධකය ඩොලර් හිඟකම බව පෙන්වා දී ඇති ගම්මන්පිල මහතා පවතින තත්ත්වය අනුව ඉන්ධන මිල අඩු කළ නොහැකි බව සදහන් කර ඇත.
ඉන්ධන මිල මෙතරම් ප්‍රමාණයකින් එකවර වැඩි කිරීම වැරදි බව ඇතැමුන් කීවද ඩොලර් හිඟය හමුවේ වෙනත් විකල්පයක් නොමැති බව ද ඔහු පවසා ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න කිව්වා තවත් ගොන් කතාවක්. ඔය වාගේ කතා කියන්න නම් ආණ්ඩුවක් මොකටද කියල පහුගිය ආණ්ඩුව කාලේ ඇහුවා අමතකද මහත්තයෝ..?
ඔබ කටින් කියනා විදිහට ක්‍රියාවෙන් කළ නොහැකි අයෙකු බව ඔප්පු වෙලා ඉවරයි. බැසිල් මහත්තයා ඉදිරියේ ඔබ ලිලිපුට්ටෙකු වේවිද කියන්න බැහැ. කොහොමින් හරි අවශ්‍ය වන්නේ තෙල් මිල අඩුකරන වැඩ පිළිවෙලයි. කවුරුවත් පුම්බන්න අපට අවශ්‍ය නැහැ.
රෙද්ද, රුපියල් වලින් වැඩිකරලා ඩොලර් සංචිත වැඩිවෙනවද?
පොඩ්ඩක් ඉන්න පනින්නේ නැතිව. තාම සියලු දත්ත පාර්ලිමේන්තුවට වැඩම කලේ නැහැනේ. ඉන්පසුව හොඳ හොඳ නාඩගම් ටිකක් නෙමේ ගොඩක් බලාගන්න පුලුවන් වේවි..!!!
ගරු ඇමතිතුමා දැන් හරි තැනට ලංවෙන බව පෙනේ. මේ සියළු ආනයන සීමාවලට එකම හේතුව ඩොලර් නොමැති වීමයි.
ලංකාදීප පත්තරය බලන අපට අදහස් පලකිරීමට ලැබීමට ඉතා අගයකොට සලකනවා...
ඩොලර් හිඟය ගැන කලබල වෙන්න එපා. දැන් තවත් නැවක් ගිනි ගන්නවානේ... දැන් ඉතින් අර වාසුදේව කිව්වා වගේ ඩොලර් ගලා ගන එ්වි...
සලාක ක්‍රමය කියන්නේ..., ග්‍රාම නිලධාරීන් මාර්ගයෙන්ද, සමූපකාර මාර්ගයෙන්ද ඉදීරියෙදී තෙල් බදාහරින්නේ? හාල් මිල පාලනය කරන්න ගැසට් පත්‍ර පහක් නිකුත් කරලත් පාලනය කරන්න බේරි මේ ආණ්ඩුව.
හැඳුනුම්පත් අංකය අනුව සතිය බෙදලා වාහන දුවවන්න, වැඩකරන විරුවාට අපහාස කරන්න එපා ...
චීනයෙන් කොහොමද ඩොලර් එන්නේ...?
එහෙනම් කෝ වාහනවල මිල අඩුවෙන්න එපෑයෑ..
ඡන්දය ගත්තාම මන්නාරමේ තෙල් තියෙනවා... ඒවා ගත්තාම තෙල් මිල අඩු කරනවා කියලා කියයි.
මේ පඬිතුමා කිව්වොත් කියන්නේ ගොන් කතාවක්...
V8 225ක් නැතුව ලීෆ් 225ක් ගන්න...
හුලං බලයෙන් වාහන දුවවමු වැඩියෙන් තෙල් ගහගෙන කාර් දිව්වම පරිසරය දූෂණය වුණානේ.. මධ්‍යම පරිසර අධිකාරියේ සිටින කාලේ කිව්වා වගේ කොස් ඇට කෑවම ගෑස් බලයෙනුත් දුවවන්න පුළුවන්නේ...
මැද පෙරදිග ඉන්න මිනිස්සුන්ව උනන්දුකරවන්න ඩොලර් ලංකාවට එවන්න. ලංකාවේ බැංකු 2ක්, 3ක් මැදපෙරදිග රටවල විවාත කරවන්න. ඊට පස්සේ ලංකාවේ අයට කියන්නේ ඒ බැංකු හරහා ලංකාවට මුදල් යවන්න කියලා සල්ලි යවනවට කිසිම මුදලක් ගන්න එපා ... ඊට පස්සේ එයාලගේ විදේශ මුදල් ඒ රටෙන් ඩොලර්වලට හරවගෙන ලංකාවේ බැංකුවලට පුළුවන් ලංකාවට එවන්න.
පිටරට වැඩකරන අයට වාහන ගේන්න ඉඩදෙන්න. එයාලා වැඩකරන රටේ බැංකුවක් හාරලා මුදල් ගෙවලා වාහනේ ලංකාවට ආවාට පස්සේ ටැක්ස් එක ඩොලර්වලින් අයකර ගන්න ඇති. විශාල විදේශ විනිමයක් මේ හරහා රජයට උපයාගන්න පුළුවන්..
දැන් බැසිල් ඇවිල්ලා තෙල් මිල අඩු කළාම උදයලා ඒකටත් මොනවාහරි කියලා තවත් ලැජ්ජා නැතිව බැසිල්ට බැලමෙහෙවර කරගෙන ඉඳියි.
මේ ගොල්ලොද මේ රට කරන්නේ ? ඇති " අනුරාධපුර කාලේ තෙල් තිබිලද රට ඔච්චර දියුණු කලේ" කියලා ඇහුවේ නැතුවා...
කට තිබුණාට වැඩ බැරිබව අපිට පැහැදිලිව තේරෙනවා. පච නොවී රට තවත් කන්නේ නැතුව ගෙදර යන්න.
සියලුම ඇමැතිවරු, මන්ත්‍රීවරු, සතියට දවස් 02ක් පොදු ප්‍රවාහන සේවයේ... ඇවිල්ලා රටට පෙන්නන්න.. හැබැයි නිලවාහනේ පාර්ලිමේන්තු කටගාව තියලා නෙවෙයි.., ගෙදර ඉඳලාම එන්න ඕනේ... අපිත් එතකොට බස් එකේ වැඩට යන්නම්...
දේශපාලුවන්ට තෙල් මිල අහස උසට නැග්ගත් අවුලක් නැහැ. ඔවුන්ගේ වාහනවලට අතින් වියදම් කරලා තෙල් ගහනවයි කියලද? ජනතාවගේ බදු මුදල් වලින්නේ හැමදේම කරන්නේ...