(අංජුල මහික වීරරත්න)

ඉන්දියාවෙන් ලංකාවට අමෙරිකා ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ලබාදීමට තීරණය කර ඇතැයි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා පැවසීය.

සුළි කුණාටුවෙන් හානි වූ ප්‍රදේශ නැවත ගොඩනැගීම සඳහා මෙම පැකේජය ලබාදෙන බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා කීය.

 අමෙරිකා ඩොලර් මිලියන 350ක සහන ණය සහ අමෙරිකා ඩොලර් මිලියන 100ක ප්‍රදාන ලෙස එම පැකේජය ලබාදෙන බව බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයා කීය.

කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.