
(අංජුල මහික වීරරත්න)
උසස් ප්‍රමිතියෙන් යුත් නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කර මේ මස අගදී වී ගොවීන්ට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
බහුලව වී ගොවිතැන් කරන අම්පාර ඇතුළු දිස්ත්‍රික්වලට මුලින්ම නයිට්‍රජන් දියර පොහොර ලබා දෙන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කළේය.
අම්පාර දිස්ත්‍රික්කයට අවශ්‍ය කොම්පෝස්ට් හා කාබනික දියර පොහොර හා පොටෑසියම් ක්ලෝරයිඩ් යන පොහොර වර්ග තුනම මේවන විටත් අම්පාර ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත යවා ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
මෙවර මහ කන්නයේ වී වගාවෙන් ආදායම අඩු වුව හොත් එලෙස අඩු වන අදායම වෙනුවට රජයෙන් වන්දි ලබා දීමට කටයුතු කරන බවට සහතික වීමත් සමඟ ගොවීන් කුඹුරු වගා කීරිමට පෙළඹී ඇති බව දිස්ත්‍රික් බොහෝමයක ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරුන් තමාට දැනුම් දී ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපිට කාබනික නයිට්‍රජන් ගෙනල්ලා ඇමතිතුමා
හැම එකම අරහෙනුයි මෙහෙනුයි ගෙනත් කොමිස් ගහන අරමුණ පැත්තක තියලා රටට අවශ්‍ය දේ රට තුළම නිපදවා ගත යුතුයි. දැනුම තියෙන ආචාර්ය මහාචාර්ය ගොල්ල මාධ්‍ය සාකච්ඡාවලට සීමා නොකර එයාලට කරලා පෙන්වන්න වැඩ බාර දෙන්න
ඉස්සර ලංකාවේ බයිලා කියලා මිනිසු සතුටු කලේ ඒම් ඒස් ප්‍රනාන්දු කියන ගායකයා දැන් අමුතු බෙරු බයිල කියවන නොන්නඩි වෙනවා හිටපු ඉන්ෂවරස් ගොයියො
මහත්තයා , කාබනික පෙහොර කියල පීචං වෙන්න එපා. ඕක ස්වාභාවික සහ කෘත්‍රිම කියල වෙනස් කරන්න .
ගෙන්නලා බීපල්ලා. මේ අය ගොවිතැනත් විනාශ කරලාම තමයි නවතින්නේ.
ඉන්දියාවෙන් නයිට්‍රජන් චීනයෙන් කොම්පෝස්ට් දෙරටින්ම හාල් අපනයන කළ තේ වගාව විනාශ වීමෙන් චීන තේවලට ඉල්ලුම වැඩිවීම ලංකාව වලපල්ලට යාම අනාගතයේ සිදුවිය හැකියි.
ජනතාවට දියර පොහොර දෙන්න බොහොම දක්ෂ කෙනෙක්... නමුත් 69 ලක්ෂයක් ජනතාව ඡන්දෙ දුන්නේ මෙතුමා ඇමැති පුටුවක ඉන්දවන්න නම් නොවේ... බුදුසරණයි...!
නයිට්‍රජන් කාබනික පොහොරද?