
(නිමල කොඩිතුවක්කු)
මෙරට ඉන්ධන අවශ්‍යතාවය සදහා අවශ්‍ය ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ඉන්දීය රජය විසින් අද(15) කොළඹ වරායේ දී භාරදෙනු ලැබීය.
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් දීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදල ලැබෙන තුරු මෙම ඉන්ධන තොගය භාරදෙන බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
ස්වර්ණ පුෂ්ප නෞකාවෙන් රැගෙන ආ මෙම ඩීසල් තොගය ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා වෙත භාරදෙනු ලැබීය.
වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිඟා කන්නත් උත්සව ගන්නවා.
ණය ආධාරයක් දුන්නාම උත්සවයක් තියලා බාරගන්න තරම් අපි දැන් පල්ලට වැටිලයි කියලද කියන්නේ? කිරිබත් එහෙමත් ඉව්වද දන්නේ නැහැ කට්ටිය...? මෙහෙම නිහීන පාලකයෝ ටිකක්...!