
(*** සුජිත් හේවාජුලිගේ)
ඉන්දියාවේ සිට මෙරටට මහා පරිමාණයෙන් කේරළ ගංජා ගෙන ඒමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු හෙළිදරව් කරගත් සුරාබදු මත්ද්‍රව්‍ය ඒකකය මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරු රුපියල් කෝටි දෙකකට ආසන්න වෙළෙඳ වටිනාකමක් ඇති කේරළ ගංජා කිලෝ 60ක් ද සමග වත්තල ප්‍රදේශයේදී ඊයේ (26) අත්අඩංගුවට ගත්තේය.
මෙයට අමතරව කේරළ ගංජා රට පුරා බෙදාහැරීමට යොදාගත් ලොරියක් හා යතුරුපැදියක් ද සැකකරු ළඟ තිබී සොයා ගත් බව සුරාබදු අධිකාරී (මත්ද්‍රව්‍ය) චානක නානායක්කාර මහතා පැවැසීය.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොහු ඉන්දියාවේ සිට බෝට්ටු මගින් කේරළ ගංජා ගෙනැවිත් මෙරට ජාවාරම් කළ ප්‍රධාන ජාවාරම්කරුවකු ලෙස හඳුනාගෙන ඇතැයි ද නානායක්කාර මහතා කීය.
සුරාබදු අධිකාරී චානක නානායක්කාර මහතා ඇතුළු නිලධාරීන්ට හදිසියේ ලැබුණු ඔත්තුවක් අනුව කළ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
ජාවාරම සම්බන්ධයෙන් සුරාබදු නිලධාරීහු සැකකරුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරමින් සිටිති.
අත්අඩංගුවට ගනු ලැබූ කේරළ ගංජා ජාවාරම්කරු වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට අද (27) ඉදිරිපත් කිරීමට නියමිතය.
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම) කපිල කුමාරසිංහ සහ සුරාබදු අධිකාරී (මත්ද්‍රව්‍ය) චානක නානායක්කාර මහත්වරුන්ගේ නියෝග මත සුරාබදු මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක කේ.පී.එස්. පතිරණ මහතාගේ අධීක්ෂණයෙන් සුරාබදු පරීක්ෂක ජානක ඩයස් මහතාගේ මෙහෙයවීමෙන් නියාමකවරුන් වන අරුණ චන්ද්‍රසේකර, ගංගානාත් විජේවර්ධන, සනත් පද්මකුමාර, චමින්ද දේශප්‍රිය, දිළුම් පෙරේරා, සමීර බස්නායක හා සංජය කුමාර ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම කර වැඩිදුර පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd