
මහම්මත්තුමාට අපහාස කිරීමේ සිදුවීම මුල්කොට ගනිමින්, ඉන්දියාවේ දිල්ලි සහ මුම්බායි නගරවලටත්, ගුජරාට සහ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ නගරවලටත් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට අල් කයිඩා ත්‍රස්ත සංවිධානය අනතුරු අගවා තිබේ.
මෙම අනතුරු ඇඟවීම කළේ අල් කයිඩා සංවිධානයට අයත් ආසියානු උප මහද්වීපයේ ක්‍රියාත්මක සාමාජිකයන් බව ද පැවැසෙයි. මහම්මත්තුමාට අපහාස කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට ගල්ෆ් කලාපීය මුස්ලිම් රටවලින් ද ඉන්දීය රජයට දැඩි විරෝධයක් එල්ල වී තිබේ. සෞදිය, කටාර් රාජ්‍යය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඉරානය ද ඒ අතර සිටී.
මහම්මත්තුමාට අපහාස වන අයුරින් අදහස් ප්‍රකාශ කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයන් දෙදෙනෙකි. ඒ රූපවාහිනී වැඩසටහනක් අතරතුරේය.
එසේ අදහස් ප්‍රකාශ කළේ භාරතීය ජනතා පක්ෂයේ ජාතික මාධ්‍ය ප්‍රකාශිකා නුපූර් ෂර්මා සහ පක්ෂයේ දිල්ලි ප්‍රාන්ත මාධ්‍ය කටයුතු සම්බන්ධ ප්‍රධානී නවීන් කුමාර්ය.
එල්ල වූ දැඩි විරෝධය හේතුවෙන් මොවුන් දෙදෙනාම, මොවුන් දෙදෙනාගේ තනතුරුවලින් ඉවත් කිරීමට භාරතීය ජනතා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගෙන තිබේ.
එසේ වුවත්, ගල්ෆ් රටවලින් සහ එම රටවල මුස්ලිම් වැසියන්ගෙන් ඉන්දියාවටත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිටත් දෝෂාරෝපණ එල්ල වී ඇත. අල් කයිඩා සාමාජිකයන් කළ අනතුරු ඇඟවීමත් සමඟ දිල්ලි, මුම්බායි ඇතුළු ප්‍රධාන නගරවල ආරක්ෂාව තවත් දැඩි කිරීමට පියවර ගන්නා බව ඉන්දීය ආරක්ෂක අංශ පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ එපා අපි කාලත් ඉවරයි එහෙම වුණොත්... !
ඇමරිකාව නැතිකරා කිව්ව අල්කයිඩා එක ආපහු නැගිටලද? අල් කයිඩා කියලා එකක් නැහැ.. සී.අයි.ඒ. එකටම තමයි එහෙම කියන්නේ... මේ අය කරන්නේ අපි, ඉන්දියාව වගේ රටකට එක නීතියක්, එක රටක් කියලා අන්‍ය ජාතීන් අතර ප්‍රශ්න ඇති කරලා, ඔවුන් මේ රටවල් හූරා කනවා.
නියමයි...!