IMG-LOGO

ඉන්දියාවේ නව ජනපති ද්‍රෞපදී මුර්මු

15 වැනි ජනාධිපති තෝරාපත් කර ගැනීමේ අරමුණින්, ඉන්දීය ජනාධිපතිවරණය පසුගිය 18 වැනිදා පැවැත්වුණු අතර, එහි ප්‍රතිඵල නිකුත් කිරීම ඊයේ (21) රාත්‍රියේ සිදුවිය.

ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට, ඓතිහාසික ජයක් අත්පත් කර ගැනීමට සමත් වූයේ කාන්තාවකි. ඇය 64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු ය.

ද්‍රෞපදී මුර්මු, ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන කාන්තාවකි.

ඒ අනුව, ඉන්දියාවේ ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරන කාන්තාවක විශිෂ්ට ජයක් හිමි කර ගනිමින්, ජනාධිපති ධුරයට පත් වුණු පළමු අවස්ථාව මෙයයි. ද්‍රෞපදී මුර්මු නව ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේත් ලබන 25 වැනිදාය.

ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලබන්නේ මහජන ඡන්දයෙන් නොව, පාර්ලිමේන්තු ඡන්දයෙනි. ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ලෝක් සභාව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) සහ රාජ් සභාව (ඉහළ මන්ත්‍රී මණ්ඩලය) ආදී වශයෙන් කොටස් දෙකකි.

ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදුවන්නේ, ලෝක් සභාවේත්, රාජ් සභාවේත් මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් සහ ප්‍රාන්ත මන්ත්‍රී මණ්ඩල නියෝජිතයන්ගේ ඡන්දයෙනි.

ඉන්දීය ජනාධිපතිවරයාගේ කාර්යභාරය ඉතා වැදගත්ය.ඉන්දීය විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ ආකෘතික නායකයා වන්නේ ජනාධිපතිවරයාය.

ඉන්දියානු සන්නද්ධ හමුදා සේනාධිනායකයා වන්නේ ද ජනාධිපතිවරයාය.

ඉන්දියාවේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 කි. ද්‍රෞපදී මුර්මු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය නියෝජනය කරමිනි. මුර්මුගේ ප්‍රතිවාදියා වූයේ එක්සත් ප්‍රගතශීලී සන්ධානය ප්‍රමුඛ විපක්ෂ දේශපාලන කණ්ඩායම් නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු අපේක්ෂක 84 හැවිරිදි යෂ්වාන්ත් සිංහා ය. ඉන්දියාවේ ජනාධිපති ධුරය කාන්තාවකට හිමිවුණු දෙවැනි අවස්ථාව මෙයයි.

මීට පෙර ඉන්දීය ජනාධිපති ධුරයට පත් වුණු කාන්තාව ප්‍රතිභා පාතිල් ය. ඇය ඉන්දියාවේ 12 වැනි ජනාධිපතිවරයා වූ අතර ඇගේ ධුර කාලය 2007 සිට 2012 දක්වාය. ප්‍රතිභා පාතිල් ඉන්දීය කොංග්‍රස් පක්ෂ සාමාජිකාවකි; නීතීඥවරියකි.

ද්‍රෞපදී මුර්මු භාරතීය ජනතා පක්ෂ සාමාජිකාවක වන අතර ඇය ගුරුවරියක ද වෙයි. 2015 සිට 2021 තෙක් කාලයේ ජර්කාන්ද් ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළේ ද ඇයයි. ජයග්‍රහණය තහවුරු වීමත් සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ද්‍රෞපදී මුර්මු හමුවී ඇයට සුබ පැතුවේය.

ඉන්දියාවේ උප ජනාධිපති ධුරය සඳහා ද පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්වෙයි. ඒ එලඹෙන අගෝස්තු මාසයේය. මෙවර උප ජනාධිපති ධුරය සඳහා පාලක පක්ෂ සන්ධානයෙන් ජග්දීප් දන්කාර් සහ විපක්ෂ සන්ධානයෙන් මාග්‍රට් අල්වා ඉදිරිපත් වීමට නියමිතය.

 



අදහස් (8)

ඉන්දියාවේ නව ජනපති ද්‍රෞපදී මුර්මු

H.A.D.Madhushani Friday, 22 July 2022 03:27 PM

කාන්තාවක හැටියට අගේකොට සලකනවා.

:       3       51

S D S Friday, 22 July 2022 05:34 PM

ඉන්දියාව ජනාධිපතිවරයකු තෝරා ගත්තේ ආදිවාසී සම්භවයකින්. ඇයි අපි අපේ දේශපාලන බලය කම්කරු පක්ෂයකට දෙන්න උත්සාහ නොකරන්නේ. බොහෝ සංවර්ධිත ප්‍රාන්තවල ඇත්තේ ධනවාදී ක්‍රමයකි. නමුත් දේශපාලන බලය පාලනය කරනු ලබන්නේ වැඩ කරන බලවේගය මගිනි.

:       1       0

Gamunu Friday, 22 July 2022 07:04 PM

ඉන්දියාවේ ජාතිබේද, ආගම්බේද, කුලබේද තිබුණද සුළු ජාතින් ඉන්දියාවේ අගමැති හෝ ජනාධිපති තනතුරට පත්ව තිබේ. "සුළු ජාතික කාන්තාවකට" ද්‍රෞපදී මුර්මු ගෝත්‍රික ප්‍රජාව නියෝජනය කරමින් ඉන්දියාවේ ජනාධිපති තනතුරට පත්ව තිබේ... ලංකාවේ සුළු ජාතික කාන්තාවකට දේශපාලනයේ ඉහළ තනතුරකට පත්වීමට අවස්ථාව උදාවේද? ශ්‍රී ලංකාවේ සමස්ත සමාජයම අවධානයට ලක්කළ යුතු කරුණකි...

:       69       28

AB Friday, 22 July 2022 08:46 PM

ලංකාවේ දැනට පවතින ජාතිබේද, ආගම් බේද ඇතිකරන්නා වූ අන්තවාදී කණ්ඩායම් සහ දේශපාලන වශයෙන් බෙදී තිබෙන්නා වූ සමාජයට සහ ජාත්‍යන්තරයට පණිවුඩයක් ලබාදීම වශයෙන් ලංකාවේ සුලුජාතිකයින් බහුතරයක් සිටින්නා වූ අප් කන්ට්‍රි හෝ වතුකරය වැනි ප්‍රදේශයකින් සිංහල පුද්ගලයකු සුලුජාතින් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්කර ගැනීමට අවස්ථාව තිබේදැයි කියා සොයාබැලිය යුතුවේ. මේ අවස්ථාව එසේ කරන්නේ නම් සුදුසුම අවස්ථාවද මෙය වේ...!

:       1       0

Deepal Nirosh Saturday, 23 July 2022 09:37 AM

කාන්තාවකට නම් සාඩම්බරයට කරුණක්... හැබැයි මේ ප්‍රදර්ශනාත්මකවාදය ඇත්තටම ඉන්දීය ජන සමාජය තුළ තිබේද යන්න එරටට කිඳා බැස තේරුම්ගත යුතු දෙයක්... ඉන්දීය රාජ්‍ය සේවයට, ක්‍රිකට් කණ්ඩායමට ඔය කියන ජාති, ආගම්, කුලමල භේදවලින් තොරව සැමට එක්විය හැකි ද යන්න තවමත් ගැටළු සහගතයි. එහෙත් වත්මන් අගමැති මෝදි මහතා නම් ඉන්දීය නගර සභාවක හිටපු කසළ කම්කරුවෙක්...

:       1       0

Nimal Sunday, 24 July 2022 08:51 AM

ඉන්දියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ...

:       1       5

Indika Sunday, 24 July 2022 02:16 PM

ලංකාවේ සුලු ජාතිකයින් බලාගෙන ඉන්නේ කොටසක් කඩාගෙන යන්න නෙවැ..!

:       6       11

Nimnara Wednesday, 04 September 2024 05:46 PM

නරකයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

බස් ඛේදවාචකයට නුදුරින් වෑන් රථයකුත් පෙරලෙයි
2025 මැයි මස 14 458 0

නුවරඑලියේ සිට අනුරාධපුරයේ රාජාංගණයාය දක්වා ධාවනය වු වෑන් රථයක් කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේදි වෑන් රථයක් අ


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසිය හෙට
2025 මැයි මස 14 144 0

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් හෙට (15) වෙන්දේසි කිරීමට නියමිතය.


‘හරක් කටාගේ’ අසනීපය ගැන වාර්තාවක් කැඳවයි
2025 මැයි මස 14 370 0

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන


කැනඩාවේ හැදූ ඉස්මාරකයට විජිත විරෝධය පළ කරයි
2025 මැයි මස 14 850 0

ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්‍


මයික්‍රෝසොෆ්ට් සමාගම සේවකයන් 6000ක් ඉවත් කරයි
2025 මැයි මස 14 589 0

කිසිදු බාධාවකින් තොරව කෘතීම බුද්ධියේ ආයෝජනය කිරීම සඳහා මාර්ගය සකසා ගැනීමේ අරමුණින් සේවකයන් 6000 ක් ඉවත්කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ තීරණය කර ඇතැයි පැව


ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂය නෑ
2025 මැයි මස 14 494 3

කැනඩාවේ ඉදිකර ඇති එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකයට විරෝධය දැක්වීමට වර්තමාන ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1394 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1596 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 418 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site