ඉන්දියාව ණය ලබා දෙන්නේ සද්භාවයකින් තොරව බවත් ශ්‍රී ලංකාවට ලොකුම හානියක් කරන රටක් ලෙස ඉන්දියාව දැක්විය හැකි බවත් රටට මේ තත්ත්වය ඇති වුණේ උද්ධච්ඡ තීරණ නිසා බවත් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ පවසයි. වර්තමාන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීප පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ ඉන්දියාව තවදුරටත් අපව මේ අර්බුදයේ හිර කරන බවය.
“ අපට කොහොන් හරි ඩොලර් ඕන. නිත්‍යානුකූලද නීතිවිරෝධිද කියලා ඩොලර්වල ගහලත් නෑ. මේ අවුරුද්දෙ ජූලි මාසයේ දී ඩොලර් බිලියනයක ණය මුදලක් ගෙවන්න වෙනවා. ඒක ගෙවන්නවත් පුළුවන් මට්ටමක නොවෙයි රට තියෙන්නේ. ඒ නිසා නිසා කොහෙන් හරි ඩොලර් ගේන්න කියානවා. ඒත් රට ආරක්ෂා වෙන විදියට තමයි ඩොලර් ගේන්න ඕනි. රටේ කෑල්ලක් කඩාලා දීලා සල්ලි අරන් වැඩක් නෑ. අපට ලොකුම හානියක් කරන රටක් තමයි ඉන්දියාව. ඔවුන් ණය දෙන්නේ සද්භාවයකින් තොරව බව අපට තේරෙනවනෙ. ඒ නිසානේ අවුරුද්දකින් ගෙවීමේ පදනම මත ඒ ණය දුන්නේ. අවුරුද්දක් යනකොට අපි තවත් හිරවෙන බව දන්න නිසානෙ. අපි හිරවෙන එක වළක්වන්න බෑ. ”
“ අද රට ගෙනියන්නේ විද්වතුන්වත් ආර්ථික විශේෂඥයන්වත් නෙවෙයිනෙ. කිසිම අවබෝධයක් නැති හොරකමට වංචාවට කැමති පිරිසක් එකතු වෙලා තමයි රට ඉස්සරහට ගෙනියන්නේ. ඔවුන්ගේ උද්ධච්ඡ තීන්දු තීරණ නිසා තමයි මේ තතත්වය ඇති වුණේ. ”
( උපුල් වික්‍රමසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදාවේල පිරිමහගන්න ඇතුවත් බැරි, නැතුවත් බැරි විදේශ ණය ගන්න ගිහින් සිදුවන්නේ තවතවත් ණය බර වැඩිවීමයි. විදේශ සංචිත ඉවරවෙනකම් කලාබීලා ඉවරකළා. සංචිත වැඩිකිරීම ගැන මොහොතකටවත් මේ පාලකයින් කල්පනා නොකර දිගට හරහට සංචිත බින්දුවට බහිනකම්ම වියදම් කළා. අද ඩොලර් අර්බුදයට හේතුව මේකයි. ගත් ණය ගෙවා ගන්න බැරිතරමට මේ රට හිඟන රටක් බවට පත්කලේ වර්තමාන පාලනයයි. රට කරන්න බැරි බව පෙනි පෙනී තියෙද්දීත් මේකෙ එල්ලිලා ඉන්න බලන්නේ තනතුරේ තියෙන බලය අතහැරීමට අකමැති පෙරේතකමයි.
කොන්ද පණ ඇති කෙළින් ප්‍රකාශයක්...!
අපි ඉන්දියාවෙන් අය ගතයුතු නෑ. පුලුවන් නම් ජපානයෙන් වගේ රටකින් ඩොලර් බිලියන 5ක් අවුරුදු තුනක ණය සහන කාලයක් එකට පොලිය නොගෙවන පදනම මත ණයක් ගත යුතුයි. මූල්‍ය විනය ඇතිකර ගැනීම සඳහා අනිවාර්යෙන්ම අයි.එම්.එෆ්... යා යුතුයි.
ඉතා නිවැරදි ප්‍රකාශයක්. පතුලටම හිඳිලා ණයබර වීම නිසා ඉන්ධන නොමැතිකම ඩොලර් සෙවීමට විශාල බාධාවක්. මෘදු කාංග සේවා, අපනයන නිමැවුම් වැනි දැ වලට විදුලිය නොමැතිවීමෙන් ඒවායින් ලබා ගත හැකි විනිමය නොලැබී යනවා . එම සේවා සහ භාණ්ඩ සැපයීම අපෙන් ගිලිහි වෙනත් රට වලට යොමු වනවා. අනෙක් අතට, ඉන්දියාවෙන් දීපු නය වලින් ඉන්ධන ගැනීමට යාමෙන් සහ ටෙන්ඩර් පට්පාටියෙන් සිදු නොකොට හදිසි මිලදී ගැනීම් වලින් වෙළඳ පොලේ තරඟ කාරීව ලබාගත හැකි අඩු මිල ගණන් නොලැබී යාමෙන් වැඩිපුර වියදම් වෙනවා. කෙටි කාලයකට හෝ අපගේ පද්ධති දිවවිම සඳහා අන්තර ජාතික ආයතනයකින් නය හෝ ආධාර ලබාගැනීම සහ දැනට ඇති නය ගෙවීම සඳහා සහන ලබාගැනීමට සාකච්චා කිරීමත් සුදුසුයි.
ගාමිණි විජේසිංහ මහත්තය ට පිං සිද්ධ වෙන්න මං කල් තියා මේ රටේ මේ වගේ අර්බුදයක් එන බව දැනගෙන ඊට සූදානම් වුණා. කොවිඩ් එක පිට පටවන්න හැදුවට මෙතුමා මෙහෙම අර්බුදයක් එනවයි කීවෙ කොවිඩ් එන්න අවුරුදු දෙකකට ත් කලින් 2017 දී. වික්ටර් අයිවන් මහත්තය ත් 2020 කියල තිබ්බා. මට මේ දවස් වල නිතර දෙවේලෙ මේ මහත්තුරු දෙන්නව මතක් වෙනව. හැමෝම යූ ටියුබ් එකේ හොයල බලන්න වටිනව මෙතුමගෙ කතාව.
මිතුරු වෙසින් එන සතුරා ඉන්දියාව. ඒක ඇත්ත...
ඉතාමත් ආදර්ශමත්, එඩිතර කථාවක්...
අපේ ජාතිය ලාංකික නම් ආගම, හොරකම සහ වංචාව... ඒක හළ සිට පහළටම පොදුයි. ඒ තත්වය නැතිවෙනකල් අපිට ඉදිරි ගමනක් නැත.
ඕන කෙනෙකුට තේරෙනවා ගත්තු ණය ගෙවන්න බැරිවුණාම තවත් ණය දෙන්නේ නෑ කියලා... ඒ වාගේම නැවත බාරදෙන්නේ එක්කෝ ණය වලින් හිරකරලා තමන් සතු දේ සින්න කරගන්න කියලා.. මේවා තේරෙනකොට අපිට රටක් වගේම අහිංසක ජනතාවත් අකාලයේ වලපල්ලට යනවා..., මේක තමයි මේ ගොල්ලන්ගේ ප්ලෑන් එක...
ඒ මහත්තයා කියන්නේ සහතික ඇත්ත ! ඉන්දියාව කොයි වෙලාවෙත් බලන් ඉන්නේ අපේ ඔලුවට අත හෝදන්ඩ සහ බොර දියේ මාළු බාන්ඩ !! අනික කොමිස් ගහන්ඩ බැරි හින්ද අවංකව අපට උදව් කරන ජපානය වගේ රටවල් අයින් කරල දාපු අමන දේශපාලුවන්ගේ වැරැද්ද !!!
ශ්‍රී ලංකාවට ලොකුම හානියක් කරනු ලබන්නේ ඉන්දියාව නොව ශ්‍රී ලංකාවේ Pettah style wheeler dealers Basil