(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දියාවේ මිය ගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මද්දුම ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා නැමැත්තා දැයි සත්‍ය වශයෙන්ම සනාථ කර ගැනීම සඳහා අංගොඩ ලොක්කාගේ ළඟම ඥාතියෙකුගෙන් ඩී එන් ඒ සාම්පලයක් එවන ලෙස ඉන්දීය ජාතික විමර්ශන ඒකකය ශ්‍රී ලංකා අන්තර්ජාතික පොලීසියේ සහය ඉල්ලා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
අංගොඩ ලොක්කා කළුතර එඑතනමඩල ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව ඉන්දියාවට පලාගොස් සැඟවී සිටියේය.
ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනද නිකුත් කර තිබිණි.
ඉකුත් වසරේ අගෝස්තු මාසයේ දී ඉන්දියාවේ කොයිම්බතූර් ප්‍රදේශයේදී මියගිය බව කියන අංගොඩ ලොක්කා එතෙක් ප්‍රදීප් සිං නමින් ව්‍යාජ හැඳුනුම්පතක් ලබා ගනිමින් එරට රැඳී සිටියේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාට්‍යයේ පිටපත ලියපු අයගෙන්ම ඉල්ල ගත්තා නම් ලේසියි...