
( තිළිණි ද සිල්වා )
මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) දහවල් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.
පහළ ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු සහ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සඳහා ඉන්දු-ශ්‍රී ලංකා බලශක්ති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාවන් සම්බන්ධයෙන් ලංකා අයි.ඔ.සී (LIOC) ආයතනය බලධාරීහු ඉන්දීය විදේශ ලේකම්වරයා දැනුවත් කළේය.
ඊට එක්වෙමින් ඉන්දීය විදේශ ලේකම්වරයා සඳහන් කළේ මෙම අවස්ථාවට එක්වීමට ලැබීම සිය සතුටට කරුණක් බවය.
මේ අතර ලංකා අයි.ඔ.සී ආයතනයේ හි නව නිෂ්පාදනයක් වන 'Servo Pride ALT 15W- 40' එළිදැක්වීම ද ඉන්දීය විදේශ ලේකම්වරයා ගේ ප්‍රධානත්වයෙන් එදින සිදු කෙරිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් හරි. ඔයිට වඩා නරකද එක පාර ලොකු සේල් එකක් දාලා රටම විකුණල දැම්ම නම්.
ඕනම ගනුදෙනුවක් කරන්න ඉස්සෙල්ලා හොයලා බලන්න ඕනී. ඒ නිසා වටිනාකමක් දීලා ගන්න. කොහොමත් දැන් මේ රට සේල් කම්පැනියක්. වටිනා ගානකට ආවොත් රටම දෙනවා.
මෙයා මේ කොරෝනා අස්සෙ හිටි ගමන් ආවේ මොකටද කියලා පේනවනේ. තියන දෙයක් දීලා ඉවරයක් කර දාමු. අපි කැමති උනත් නැතත් දෙන එක දෙනවනේ.
ඉතිහාසය නැවත නැවත සිදු වන බවත් දෙවනුව ඛේදවාචකයක් සමග සිදුවන බවත් කියා තිබේ. එය ඇත්ත නේද?
නරියා එන්නෙම කුකුළු කූඩුව බලන්නමයි. ගොනා හැරෙන්නෙම පොල් පැලේ පැත්තටමයි. ඔන්න ඕක තමයි කියන්නේ ඔය ඉන්දියන්කාරයෝ ලංකරගෙන මහලොකුවට සංවර්ධනය කරන්න ආයෝජනය කලාය කිව්වට බදු කාලය අවසානයේ කවදාවත් ඒ අය ආපහු දීලා යන්නේ නැහැ, දිගටම සින්නක්කරේටම අල්ලා ගන්න තමයි හදන්නේ.
බ්‍රිතාන්‍යයන් අක්කර 850 ක ඉන්ධන ටැංකි 101 ක් ඉදි කළ අතර එයින් 2 ක් දෙවන ලෝක යුද්ධ II ප්‍රහාරයෙන් විනාශ වූ අතර ඉතිරි ඒවා 1960 දී සිදු වූ අනතුරකින් විනාශ විය. ටැංකි 15 ක් LIOC වෙත විකිණීමෙන් පසු අපේ භූමියේ ටැංකි 84 ක් ඇති බැවින් අපට හිඟමන් ඉල්ලීමට සිදු විය. කලින් අත්සන් කළ ගිවිසුමක් නිසා ආපසු ගැනීම සඳහා.
මේ රටේ අනාගත දරුවන්ට කියක කිසිම දෙයක් ඉතුරු වෙන එකක් නැහැ. වටිනා දේවල් ඔක්කොම පිටරටියන්ට ණය ගෙවන්න පමණක් අනාගත පරපුරට දායාදයක් වෙයි.
මෙතෙක්කල් කරපු වැරදි හදාගත්තේ නැත්නම් ආණ්ඩුවට මේකෙන් නම් වැඩ වරදීවි. විරුද්ධ පක්ෂෙ අයට දැං ආණ්ඩුවට වැරැදි කිය කිය ඉන්න බැහැ. එයාලත් මේකෙ මුල ඉන්නව .
තෙල් ටැංකි වලට අමතරව දළදා මාලිගාව බලන්නත් ගියේ
රනිල් මේ ටැංකි ඉන්දියාවට දුන්නෙ නැත්නම් මේවා කැලේට ගිහිල්ලා. යහපාලනය ඉතුරු ටික දෙන්න හැදුවම පපුව පලාගන්න හදපු අය දැන් ආණ්ඩුවෙ. හරි දේ කරද්දී කෑගහන්න පුලුවන් අය ඕන තරම්. රට දියුනු කරන්න දූශිත තෙල් සංස්තාව සහ වෘත්තීය සමිති පන්නල මේ සම්පත් වලින් වැඩක් ගන්න ඕන.