(තිළිණි ද සිල්වා)

මෙරට නිල සංචාරයක නිර. ඉන්දීය හමුදා මාණ්ඩලික ප්රධානී ජෙනරාල් එම්. එම්. නාරාවනේ මහතා අද (13) දින ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර  සිල්වා යන මහත්වරුන් හමු වූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.

නම වෙනම පැවති මෙම හමුවීම් වලදී මෙහිදී දෙරට අතර සමීප සහෝදරත්වය සහ සහයෝගීතාවය සිහිපත් කළ අතර ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර වඩා ශක්තිමත් ආරක්ෂක සහයෝගීතාවයක් උදෙසා නැවුම් අවස්ථාවන් සොයා බැලීමට මහත් උනන්දුවක් පළ වූ බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියා සිටී.

තවද ඉන්දීය යුද හමුදාපතිවරයා ශ්‍රී ලංකාවේදී දිවීදූ නිර්භීත ඉන්දීය සෙබළුන්ගේ ජීවිත පරිත්‍යාගයන් සිහිපත් කරමින් ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් එම්. එම්. නාරාවනේ මහතා ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය අභියස දී උපහාර දැක්වූ බව එම මහකාමසාරිස් කාර්යාලය කියා සිටී.