
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉන්දීය චිත්‍රපටයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස රඟපෑම සඳහා සූදානම්ව සිටි පුද්ගලයකු කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ නාන කාමරයක් තුළ හදිසියේ ඇද වැටීමෙන් අනතුරුව මියගොස් ඇතැයි කුරුඳුවත්ත පොලිසිය සඳහන් කරයි.
අනතුරින් මියගොස් ඇත්තේ මාතලේ කළුදෑවල රත්තොට පාර පදිංචිව සිටි අලගර් කරප්පු සාමි (52) නමැති අවිවාහක පුද්ගලයෙකි.
ඉන්දියාවේ සුපිරි නළු නිළි දෙපලක් වන සරවනන් සිවකුමාර් සූරියා හා ටයිෂා ක්‍රිෂ්ණන් ගේ සහභාගිත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ ඉන්දියාවේ පාර්ලිමේන්තු මණ්ඩලය නියෝජනය කරන රූගත කිරීමකට සූදානම්ව සිට ඇතැයිද පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත
නාන කාමරය වැටී සිටි ඔහු එහි සිටි පිරිස කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.
ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd