(බී.ජී.චතුරංග සහ උපුල් හේරත්)
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට සේවයට වාර්තා කිරීමට නොහැකි වීම නිසා ඊයේ (18දා) සිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර සේවා හැර අනෙකුත් ප්‍රතිකාර නතර වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සෞඛ්‍ය කාර්යය මණ්ඩලවලට ඉන්ධන ලබා ගැනීම සඳහා පමණක් නම් කර තිබෙන ඉන්ධන පිරවුම්හල්වලට සතියකට වැඩි කාලයක් ඉන්ධන නොලැබීමේ හේතුවෙන් සෞඛ්‍ය කාර්යය මණ්ඩලය දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි එම සංගමය පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය.
සෞඛ්‍ය සේවකයන් සඳහා රජය විසින් පිරවුම්හල් නම් කර ඒවායෙන් සෞඛ්‍ය කාර්යය සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පමණක් ඉන්ධන ලබා දීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළත් ඉන්ධන පිරවුම්හල් අසල මැර කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් ඇතුළු වෙනත් පාර්ශවයන් විසින් සිදු කරන බලපෑම් ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් එම ඉන්ධන ලබා දීමේ වැඩ පිලිවෙල අසාර්ථක වී තිබෙනවා.
ඒ හේතුවෙන් වෛද්‍යවරු ඇතුළු සියලුම සෞඛ්‍ය සේවකයින් දුෂ්කරතාවයට පත්ව තිබෙනවා.
(ඡායාරූප උපුල් හේරත්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉන්දන නැතිව අනුරාධපුර රෝහලත් ලෙඩ වෙයි
Kasun Saturday, 23 July 2022 06:29 AM
රටක පොදු ප්‍රවාහනය යම්තාක් දුරකටවත් භාවිතා කරන්න බැරි ලංකාවේ එකම වෘත්තීකයෝ.. ලොකුකම ඔලුවෙන් අයින් කරන්න බෑ. මම පුද්ගලිකවම දන්නවා. රෝහලේ ඉන්න වෛද්‍යවරු 5 දෙනාම රෝහලේ සිට මීටර 100 දුරවත් එන්නේ පයින්. තෙල් නෑ කියලා රෝහල වහලා දැම්මා.