(යොහාන් භාසුර)
යකඩ, ටයිල් සහ ඇළුමිනියම් ඇතුළු මිල ඉහළ ගොස් තිබෙන ගොඩනැගිලි ද්‍රව්‍ය ,ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව සෘජුව ආනයන කර බෙදාහැරීමට තීරණය කර ඇතැයි එම සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ව්‍යාපාරිකයන් ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල සීමාවකින් තොරව ඉහළ දැමීමට මැදිහත් වන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතංුග මහතා උපදෙස් දී ඇති බවත් ඉන්දීය ණය ආධාර යටතේ ඉදිරිකිරීම් කර්මාන්තයට ලැබුණු මුදල් භාණ්ඩාගාරයෙන් ලබාගැනීමට කටයුතු කිරීමට නියමිත බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉදිකිරීම් බඩු මිල බස්සන්න සංස්ථාවෙන් වැඩක්
ravin Thursday, 27 October 2022 11:33 AM
හොඳ අදහසක් .හැබැයි යස අදහසක් වෙන්නේ කොමිස් නැහැ ,තත්වය ඉතා ඉහලයි ,මිල සාදාරනයි ,පාරිභෝගිකයාට මිස අතර මැදියාට භාණ්ඩ නිකුත් කරනු නොලැබේ,යන කරුණු ක්‍රියාත්මක කලොත් පමණයි
දිමුත් Thursday, 27 October 2022 11:36 AM
අනිවාර්යෙන් කල යුතුයි. ලංකාවේ මිනිස්සු සාධාරණව ව්‍යාපාර කරන්න දන්නෙ නෑ
SUMU Thursday, 27 October 2022 11:44 AM
තවත් හොඳ ගැහිල්ලක්
ජයසේකර Thursday, 27 October 2022 11:51 AM
ඉතාමත් හොඳ අදහසක්. ගොඩක් දෙනෙක්ට අද නව නිවහනක් කියන එක හීනයක්ම විතරයි..
fairoos Thursday, 27 October 2022 12:32 PM
එතකොට ඩොලර් සංචිතය අඩුවෙන්නෙ නැද්ද?
de silva Thursday, 27 October 2022 01:26 PM
කරුණාකරලා කැමති කෙනෙකුට ඩොලර් තිබෙනවා නම් ඒවා ගෙවලා බැංකු හරහා LC ඕපන් කරලා බඩු ගෙන එන්න අවසර දෙන්න.ලංකාව තුල මිනිස්සු ළඟ විශාල ඩොලර් ප්‍රමාණයක් තිබෙනවා .එහෙම උනොත් ඒවා එලියට ඇවිත් රටේ සංවර්ධනයට දායක වේවි