
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කරන බව නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"ආර්ථිකයේ කොයිතරම් දුරට ශක්තිමත්ව ගලා ගෙන යනවාද යන්න පෙන්නුම් කරන ක්ෂේත්‍රයක් ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රය හඳුනාගත හැකියි. ඉදිකිරීම් ශක්තිමත් නම් ආර්ථිකය ශක්තිමත් බව හඳුනාගත හැකියි.නව රජය බලයට පත්වන විට ආර්ථිකය ස්ථායී කිරීමේ අභියෝගය පවතින බව අප දැනගත්තා. රුපියල ස්ථාවර කිරීම මෙන්ම පොලී අනුපාතය තනි ඉලක්කමකට ගෙන එන්නට අපට හැකි වී තිබෙනවා.ඒ වගේම නාස්තිය දූෂණය අවම කරන්න හැකි වී තිබෙනවා.
ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළව ප්‍රතිපත්ති තීන්දු කීපයක් ගැනීම සඳහා මේ වන විට සාකච්ඡා කර තිබෙනවා.ඉදිකිරීම් සංවර්ධන පනත හෙවත් සිඩා පනත සංශෝධනය කිරීම සඳහා අප බලාපොරොත්තු වෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් රාජ්‍ය ප්‍රතිපත්තියක් නොමැති වීම ඉතා ගැටලුවක් වී තිබෙනවා.අප ඒ කාර්යයද ඉටුකර ගැනීමට කටයුතු කරනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිකිරීම් ගැන කතා කරනවිට, ජලය හා පරිසර සංරක්ෂණය හා වැඩි දියුණු කිරීම් ගැන සලකා, නිවාස වලටද ප්‍රතිපත්තියක් සැකසිය යුතුයි. එම ප්‍රතිපත්තියට අනුව, නිවාස සැලසුම් කිහිපයකට පමණක් සිමා කලයුතුයි. අපේ රටේ 100 දෙනෙක් ගත්තොත් සැලසුම් 100ක් හදනවා. පරිසරය කනවා. අනෙකා ගැන හිතන්නේම නැහැ. වහිනවිට, මාර්ග, වාරිමාර්ග කරන විධියට වත්තේ සියලුම වතුර පාරට හරවනවා. කොතරම් වැස්සත් පොලවට දිය බිඳක් උරා ගන්නේ නැහැ. දිනයක් දෙකක් පායන විට ඉඩෝරයක් නිර්මාණය වෙනවා. මේවා වැළක්වියයුතුයි.