(විනීතා එම් ගමගේ)
බුදු දහම විකෘති කරන අවස්ථාවල දී සහ ඉතිහාසය හෝ පුරාවිද්‍යා ස්ථානයන් පිළිබඳ වැරදි අර්ථකතන දෙන අවස්ථාවන් හිදී ඒවා නිවැරදි කිරීම් ඇතුළු කටයුතු සඳහා විද්වත් කමිටුවක් පත් කරන ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යෝජනාවක් ඉදිරිපත් කළහ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාසිකව රැස්වන බෞද්ධ උපදේශක සභා රැස්වීමේ දී අභයතිස්ස හිමියෝ මෙම යෝජනාව සිදු කරනු ලැබූහ.
ජාතික උරුම හා පුරාවිද්‍යාව පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත පිරිසක් මෙම කමිටුව සඳහා පත් කරන ලෙසත් එකී කමිටුව සඳහා කැබිනට් අනුමැතිය ලබාගන්නා ලෙසත් මැදගොඩ අභයතිස්ස හිමියෝ රජයට යෝජනා කළහ.
බුදුදහම විකෘති කරන අවස්ථාවන්හිදී මෙන්ම ඉතිහාසය හෝ පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳ වැරදි මත පළ කරන අවස්ථාවන් හිදී ගත යුතු ක්‍රියාමාර්ග එම කමිටුව පත් කළ පසු තීරණය කරනු ඇතැයි තම යෝජනාව පිළිබඳව අදහස් දක්වමින් අභයතිස්ස හිමියෝ පැවැසූහ.
ඓතිහාසිකත්වය නිවැරදිව අර්ථකථනය කළ යුතු බෞද්ධ සිද්ධස්ථාන රාශියක් ඇතැයි කී උන්වහන්සේ හිරිවඩුන්න ප්‍රදේශය පිළිබඳව ඇති මිත්‍යාව ඉන් එකක් බවත් මේ වනවිට එහි කැණීම් ආරම්භ කර ඇති බැවින් ඉදිරියේ දී සත්‍යය හෙළි කරගත හැකි වන බවත් සඳහන් කළහ.
එමෙන්ම අන්‍යාගමිකයන් අල්ලාගෙන සිටින ස්ථාන පිළිබඳව කටයුතු කිරීමේ දීද මෙවැනි කමිටුවක අවශ්‍යතාවය තදින් දැනෙන්නේ යැයි පැවසූ මැදගොඩ නාහිමියෝ ජනාධිපතිතුමන් ඉක්මණින්ම ඒ ගැන යම් පියවරක් ගනු ඇතැයි විශ්වාස කරන බව ද කියා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුහිමියන් අලුයම ඉවතලූ කෙළ පිඩක් සේ ඉවත දැමූ රජකම හා රාජ්‍ය පාලනය ගැන ආද අමතක සමහර දෙනා උතුම් වූ බුද්ධ චීවරය දමාගෙන පක්ෂ දේශපාලනයේ නිරතවෙමින් හා දේශපාලකයන් වන්දනා මානයේ යෙදීමද නවත්වා දැමීමට හා එසේ කරනු ලබන ඇතැම් චීවරධාරීන් ශාසනයෙන් නෙරපා දැමීමටද, කාලය පැමිණ ඇත. බුදුන් වැඩි කැලණිය විහාරය යොදාගෙන නාගයින්ගේ පැමිණීම නැමැති බොරුව, ජනපතිට හිට්ලර් කෙනෙකු සේ ප්‍රසිද්ධියේ ඉල්ලීම වැනි දේ ගැනද වෙන වෙනම සොයා බැලිය යුතුය.
බුදුදහම වැඩිපුරම විකෘති කරන්නේ අපේ හාමුදුරුවරු නේද?
.." බුදු දහම විකෘති කරන අවස්ථාවන් ..". නොවෙයි, මුළු බුදුදහමම වෙනස් කරලා තියෙන්නේ මේ රටේ සිටින, බුද්ධ පුත්‍රයන් නොවන නමුත් කහ ඇඳගත් පිරිසයි. (මේ රටේ සිටින ඉතාම අතලොස්සක්වන සුපේක්ශාකාමී සිල්වත් ස්වාමීන් වහන්සේලාට මෙයින් අගෞරවයක් නොවේවා...!!!) දේශපාලකයන්ට මුට්ටි අල්ලන, පස් පව් මදි නොකියන්න කරන, හොර දේශපාලුවන්ගෙන් වරදාන ලබා, රටේ මිනිසුන් මුලාකරන, සුපර් මාර්කට් රන් කරන, කහ ඇඳගත් මිත්‍යාදෘෂ්ටිකයින් මේ උතුම් වූ බුදුන්ගේ ශාසනයෙන් යැවීමට නම් " ධම්ම සංගායනාවක් " පැවැත්විය යුතුයි. එවිට සත්‍ය වශයෙන්ම සිල්වත් ස්වාමීන් වහන්සේලා පමණක් ශාසනයේ ඉතිරිව බහුතරයක් වූ දුෂිතයින් ගසා පන්නා දැමිය හැක. මේ රටේ සිටින කිසිම දේශපාලුවෙක් මීට කැමැති නැත. ඒ ඇයි කියා සමහර විට ඔබ දන්නවා ඇති... දූෂිත හොර මිනීමරු දේශපාලුවන්ගේ සියලුම දොස් වසා රටේ මිනිසුන් රැවටීමට යොදාගන්නා සත්ව කොට්ඨාශයක් ලෙස මේ බමුණන්ව උපයෝගී කරගන්නා නිසයි. ඒ නිසා මේ රටේ සත්‍යම බුදුදහම අරක්ෂා කරගන්න යමෙකුට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම " ධම්ම සංගායනාවක් "පැවැත්විය යුතුමයි.
මම මේ කවුද බැලුවා. මේ අපේ නුගේගොඩ, සුපර්මාකට් එකේ මුදලාලිනේ.... අද මාළු ලාබයි.