(චන්දන ප‍්‍රනාන්දු ඉතාලියේ සිට)
කොවිඩ් 19 ව්‍යාප්තියත් සමග ඉකුත් අප‍්‍රියෙල් 29 දා සිට ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කීපයක සිට ඉතාලියට ඇතුල්වීමට තහනම් කරමින් පැනවූ ගුවන් තහනම තවත් සති හතරකින් දීර්ඝ කිරිමට පියවර ගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
මෙම ගුවන් මගි තහනම ඊයේ දිනයෙන් අවසන්වීමට තිබු නමුත් ශ‍්‍රිලංකාව ඉන්දියාව හා බංගලදේශය යන රටවල කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේශඥ උපදේස් මත මෙම ගුවන් මගි තහනම දීර්ඝ කිරිමට පියවර ගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
මෙම ගුවන් මගි තහනම ශ‍්‍රිලංකාව ඉන්දියාව හා බංගලාදේශය යන රටවල සිට ඉතාලියට පැමිණෙන ඉතාලි පුරවැසිභාවන්ට හා පුරවැසිභාවය ලබා සිටින විදේශිකයන්ට බල නොපාන බවත් ඔවුන්ට ඉතාලියට ඇතුලු වි දින 10 ක අනිවාර්ය නිරෝධායන කාලයක් සඳහා ඉතාලි රජය විසින් නොමිලේ පහසුකම් සලසා ඇති නිරෝධායන හෝටල් සඳහා යොමු කෙරෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශයයේ නිලධාරීයෙක් පැවැසීය.
ඉකුත් අප‍්‍රියෙල් මාසයේ සිට පැනවූ මෙම ගුවන් මගි තහනම හේතුවෙන් විවිධ අවශ්‍යතා හේතුවෙන් ලංකාවට පැමිණ නැවත ඉතාලියට පැමිණිමට නොහැකිවීම හේතුවෙන් විශාල ලාංකිකයක් පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේම ජාතිය (සිංහල) ලෝකයේ අතරමං වෙලා හිඟමනට වැටී සිටි විට ඔවුන්ව ඒ රටවල අතරමන් කරමින් සංචාරකයින්ට ප්‍රමුඛත්වය ලබා දුන් ජාතියට වඩා, ඉතාලි රජය මොනතරම් නම් තම ජාතිය ගැන ගෞරාන්විතව සලකනවාද? මම නම් ඉතාලි රජයෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ රටේ ජීවත් වෙන ඉතාලි පුරවැසි ලබා ගත් ලාංකිකයින්වත් ඔය රටට වද්ද ගන්න එපා. කාපු පතේ පහරන එක ඔවුන්ගේ ජන්ම ජානමය ස්වභාවයක්. කරුමක්කාර අපිට කොහින්ද ඉතාලි ජාතිකයෙක් වෙන්න පෙර කළ පිනක්?