IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ඉණවටක් ගිලෙන නෑසියන්ගේ කරමතින් අවසන් ගමන යනහැටි

 

( නිශාන්ත කුමාර)
  

බදුලු ඔය හරහා එගොඩ මෙගොඩ වීමට පාලමක් නොමැතිවීම හේතුවෙන්  මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන කිහිපයක වැසියෝ  අපහසුතාවට ලක්ව සිටිති.

මේ ගැටළුවට මුහුණ දී ඇති තල්දෙන 11  කණුව, කුකුරුමහන්තැන්න, කොහාන, වැවතැන්න මාළිගාතැන්න හා  ඒ අවට ගම් ගම්මානවල ජනතාවට  බදුලු ඔයෙන් මෙපිට පිහිටි පොදු සුසාන භූමියට, මෙන්ම වෙල්යාය වෙත  පැමිණීමට  සිදුව  ඇත්තේ  බදුලුඔයේ ඉණවටක් ගිලෙමිනි.
 
තල්දෙණ  ගම්මානයේ පුද්ගලයෙකු මිය යාමෙන් පසුව ඔහුගේ සිරුර මිහිදන් කිරීම සඳහා ඊයේ (18)  ප්‍රදේශයේ ජනතාවට එම මළ සිරුර  ගඟෙන් මෙගොඩ පිහිටි මාලිගාතැන්න සුසාන භූමිය වෙත රැගෙන යාමට සිදු වූයේ ද ඒ අයුරින්මය.
 
බදුලුඔය හරහා  එහා මෙහා යාමට පාලමක් ඉදිකරදෙන ලෙස  ලෙස වසර ගණනාවක සිට ඉල්ලීම් කළද එය මේ වන විටත් මුල් ගලකට සීමා වී ඇතැයි ද ප්‍රදේශයේ ජනතාව පවසති.



අදහස් (8)

ඉණවටක් ගිලෙන නෑසියන්ගේ කරමතින් අවසන් ගමන යනහැටි

Raveendra Friday, 18 January 2019 08:11 AM

මෙන්න සංවර්ධනය ගැන, අවංකකම් ගැන උඩු බුරන 225ක් වූ සත්ව රෑනට කරනවා නම් වැඩ.. " දියවන්නා ඔයේ සියලුම සතුන්ට " මෙය කියවීමට හැකි වේවා...!!!

:       8       522

dias Friday, 18 January 2019 10:13 AM

අපේ මන්ත්‍රීලාට මේවා ප්‍රශ්න නොවේ. මොකද, ඒ අය පාවෙන්නේ බි.එම්.ඩබ්ලිව්., ලෑන්ඩ්කෘෘසර්, බෙන්ස්වලනේ...

:       0       83

Hafeel Friday, 18 January 2019 04:22 PM

හරින්, ඩිලාන්, නිමල් සිරිපාල, ශෂින්ද්‍ර, සමන්තලා නියෝජන කරන දිස්ත්‍රික්කය. විශේෂයන්ම හරින්, ඩිලාන්ලා කට ඇරියොත්, ඔවුන් තරම් වැඩකාරයෝ නැහැ. ගම්පෙරලිය කියමින් නාම පුවරු දාගෙන පම්බෝරි ගහන අයට, මේවා පේන්නේ නැද්ද?

:       0       57

chandima Friday, 18 January 2019 05:33 PM

මේ මිනිස්සුන්ට කිව්වට තේරෙන්නේ නැහැනේ. අරහේ අධිවේගී මාර්ග හදලා තියෙනවා. කතරගම පැත්තෙන් යනවා නම් රේල්පාරකුත් හදලා තියෙනවා. ලඟදි උඩින් දුවන කෝච්චි පාරකුත් හදන්න යනවා.. මිලියන් ගාණක් ණයට අරගෙන. ප්ලේන් එකේ ගෙනියනවා නම් මත්තලත් එකක් හදලා තියෙනවා. එව්වගේ අරගෙන යන්නකෝ මේ දොලපාරවල් හරහා අරගෙන යන්නේ නැතුව?

:       0       4

Perera Friday, 18 January 2019 09:05 PM

මුහුදක් ගොඩකරලා නගර හදන රටේ ගම්මානවලට ගඟකින් එගොඩවෙලා යන්න තවම පාලමක් පාරක් නැහැ. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ මේවට අර පාර්ලිමෙන්තුවයි කියන තැන ඉන්න 225 දෙනා ඕන වග කියන්න. හරකුන්ටයි මීහරකුන්ටයි නරින්ටයි ඡන්දෙ දෙන්න එපා බුද්ධිමත් ලක් වැසියනේ!!!!!

:       0       6

ranjith Saturday, 19 January 2019 02:19 AM

ව්‍යවස්ථා අරක මේක කියල ජනතාව ගොනාට අන්දනවා. මේ දෙගොල්ලොම ජනතාවගේ ප්‍රශන මේ අය දන්නේ නෑ.

:       0       0

gunarathna Saturday, 19 January 2019 04:23 AM

JVP එක හදන්නේ මෙන්න මේ තියෙන එකාට තියෙන එක සහ නැති එකාට නැතිඑක නැතිකරලා දාන්ටයි. නමුත් කරගන්ට බැරිවෙලා තියෙන්නේ... මේ සේරම කරන්නේ ධනපති පක්ෂවලට කඩේ ගිහිල්ලා මුන්ට රජසැප ගන්ට හදන එකනේ. කවදාවත් දේශපාලකයන්ගෙන් මේවට උත්තර ගන්ට බැහැ.

:       0       3

ප්‍රදීප් Saturday, 19 January 2019 06:06 PM

ලක්ෂ 400 ක විතර වාහනයක්, දීමනා ගැන හිතන දේශපාලකයෝ ඔය පැත්තෙත් ඉන්නවා නේද? කටවල් විතරයි. මිනිස්සු වතුරේ බැහැලා තාමත් එගොඩ වෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 263 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site