‘නව කොරෝනා වයිරසය’ හේතුවෙන් බෙදාහැරීමේ කටයුතු අඩපණ වීමත් මිල ගණන් ඉහළ යෑමත් නිසා සිය දහස් ගණනකට නොමිලේ ‘පාන්’ බෙදාදීමට ඇෆ්ගනිස්තාන ආණ්ඩුව අද (5) පියවර ගත්තේය.
එම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පවුල් 250,000 කට නොමිලේ පාන් බෙදාදීමට එරට බලධාරීහු ඊයේ කටයුතු කළහ. ඒ අනුව එක් දිනකදී ‘නාන්’ පාන් දහයක් එක පවුලකට ලැබේ.
මිල ගණන් ඉහළ ගිය අනෙක් ප්‍රදේශ හා නගරවලද නොමිලේ පාන් බෙදාදැමීම කඩිනමින් ආරම්භ කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇෆ්ගනිස්තාන ජනාධිපති මොහොමද් අෂ්රෆ් ඝානී පැවැසීය.
ඇෆ්ගනිස්තානය යනු ලොව දුප්පත්ම රටවලින් එකික. එරට ජනගහනයෙන් හරි අඩකට වඩා වැඩි පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙති.
යුද්ධයෙන් බැට කන ඇෆ්ගනිස්තානය, කොරෝනා වයිරසය දැවැන්ත සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයට ඉදිරිපත් කරන ලද වාර්තාවකින් අනතුරු අඟවා ඇත.
මේ අතර අද (5) පස්වරු 6.30 වනවිට ඇෆ්ගනිස්තානයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 3,224ක් වූ අතර එරටින් වාර්තා වූ මරණ ගණන 95ක් ලෙස දැක්විණි.

අල්ජසීරා
ඡායාරූප – රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ නම් එහෙම නැහැ. බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට ආණ්ඩුව දෙන්නේ මත්පැන්. රුපියල් 5000ක් නොමිලේ දීල ගෙදර යන පාරේ තියෙන සුරාසල් ටික ඇරලා දෙනවා. මේ පාරත් මැයි 11 වෙද්දී ඒ දන්සැල විවෘත කරයි මම හිතන්නේ. චන්දෙ ගැනයි පාර්ලිමේන්තුව ගැනයි ජනාධිපතිවරයාට උපදෙස් දෙන මහා සංඝරත්නය, සුරාසැල් නැවත විවෘත කරන්න එපා කියල උපදෙස් දෙන්නේ නැත්තේ ඇයි කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. පස්වෙනි සිල් පදය නමට විතරයි. 1948 ඉඳන් 2020 දක්වා මේ අවුරුදු 72ටම සිංහල බෞද්ධ ආණ්ඩුවක් මේ රටේ ඇති වෙලා නැහැ.
කෝ අපිට ?
අපට නම් දැන් කියවෙන්නේ... පාන්.... කියලයි.