(සුජිත් හේවාජුලිගේ)

‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ්’ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දෙනුයේ පළමු මාත්‍රාව දී සති දහයකින්ද සති දොළහකින්ද යන්න අද (19) තීරණය කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසීය.

එන්නත්කරණය පිළිබඳ කමිටුව වසංගත රෝග විද්‍යා අංශයේදී රැස්වී මෙම තීරණය ලන්නා බව ද ඔහු කීය. ‘කොවිෂීල්ඩ්’ එන්නතේ දෙවැනි මාත්‍රාව දීම ලබන 23 වැනිදා සිකුරාදා ආරභවීමට නියමිතය.

‘කොවිෂීල්ඩ්’ එන්නතේ පළමු මාත්‍රාව මේ වන විට ලබාගෙන ඇති සංඛ්‍යාව නව ලක්‍ෂ විසිපන්දහස් දෙසීය හතළිස් දෙකකි.

මේ අතර එන්නත්කරණය සඳහා එන්තත් තවත් තොග ඉදිරිදිනවල මෙරටට ලැබීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහූ පවසති.