(මනෝප‍්‍රිය ගුණසේකර)
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ චෝදනා එල්ල වී සිටින ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට විදේශගත වීමට අවසර දුන් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔහුට විදේශගතවීම වළකාලමින් පනවා තිබු තහනම තාවකාලිකව ඉවත් කොට ඇති බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම් දුන්නේය.
නිශ්ශංක සේනාධිපති මහතාට වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීම සඳහා විදේශ ගතවීමට අවසර දෙන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විත්තිකරුට විදේශ ගතවීම වළකාලමින් පනවා තිබු තහනම තාවකාලිකව ඉවත් කළ විනිසුරු මඩුල්ල රුපියල් ලක්‍ෂ 25ක් වටිනා බැඳුම්කරයක් මත නිශ්ශංක සේනාධිපති මහතාගේ විදේශ ගමන් බලපත‍්‍රය මුදා හැරීමට කොළඹ මහාධිකරණයේ ලේඛාධිකාරිවරයාට නියම කළේය.
මහාධිකරණ විනිසුරුවරුන් වන ආදිත්‍ය පටබැඳිගේ (සභාපති) මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එලෙස නියම කරන ලදී.
2014 අපේ‍්‍රල් 07 වැනි දා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාලයේ ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීත්‍යානුකූල බලපත‍්‍ර නොමැති ස්වයංක‍්‍රීය ගිනි අවි සහ උණ්ඩ ලඟ තබාගැනීම සඳහා කුමන්ත‍්‍රණය කිරීම ඒ අනුව ටී-56, 84 එස් සහ එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි 816ක් සහ උණ්ඩ 2,02,935ක් නීත්‍යානුකූල බලපත‍්‍ර නොමැතිව ලඟ තබාගැනීම මෙන්ම 2015 සැප්තැම්බර් 23 වැනි දා සිට 2015 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා කාල සීමාව තුළදී ඉන්දියන් සාගරය, රතු මුහුද හික්කඩුව සහ කොළඹදී නීත්‍යානුකූල බලපත‍්‍ර නොමැති ස්වයංක‍්‍රීය ගිනි අවි සහ උණ්ඩ ප‍්‍රවාහණය කිරීම සඳහා කුමන්ත‍්‍රණය කිරීම සහ ඒ සඳහා ආධාර හා අනුබල දුන් බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට රට යන්න දෙන්නේ නැත්නම් කාටද දෙන්නේ...? තව ටික දවසකින් නඩුවලිනුත් නිදහස් වෙයි. ශ්‍රී ලංකාවේ ඉපදීම ගැන ආඩම්බර වෙන්න මිත්‍රයා... මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි...!!
බලාපොරොත්තු වූ සියල්ල එලෙසින්ම සිදුවෙමින් පවතී. දැන් සැපද?
ඔන්න ඔහේ නිදහස් කරලා දාන්න.
වාසනාවට කට්ටිය නඩුවලින් නිදහස් වෙනවා. රට යන්න චාන්ස් ලැබෙනවා. ඉඩම් අක්කර ගණන් ලැබෙනවා.
සෞභාග්‍යයේ දැක්මේ මූලධර්ම... !!!
ශ්‍රී ලංකාවේ පමණයි..!!!
අර්ජුන් මහේන්ද්‍රන් වගේම කරන්න.
ජවිපය නැතිකරන්න යන පොර නේද? අනේ...!!!
සසර වසනතුරු, නිවන් දකිනතුරු පින්කෙත හෙළ රන් දෙරණේ යළි ඉපදෙන්නට හේතු වාසනා වේවා...!!
බලය අල්ලාගන්න කරපු සේවාවට ප්‍රතිදාන දෙන්න එපැයි. අනේ ඔන්න නඩුවක් හරි මොකක් හරි කියලා අල්ලලා විසිකරලා දාන්න. මොකෝ මෙයා විතරද එහෙම කළේ?
දැන් අපේ රටේ බලාපොරොත්තු වෙන්න පුළුවන් කුණු රෙදි හෝදන එක විතරයි.
නීතියත් මේ අයගේ, අධිකරණයත් මේ අයගේ. මේ අය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්ට හොඳක් නං වෙන්න එපා.
වෙනත් රජයක් යටතේ හෝ ජීවිතාන්තයටම කූඩුවට දැමිය යුතුයි.