
(චාපා මධුභාෂිණී)
රසායනික පොහොර ලබා දෙන ලෙසට බල කරමින් ඇලහැර ව්‍යාපාරයේ ගොවීන් 600 වැඩි පිරිසක් අද දින බකමූණ නගරයේ විරෝධතාවයක නිරතවූහ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද ඇමතිවරයා ලෙස සැරසුනු පුද්ගලයන් පිරිසක් මිනී පෙට්ටියක් ඔසවාගෙන ගොවියාට ආණ්ඩුව මරණය උදා කළ බව පෙන්වා දෙමින් විරෝධතාවයේ නිරතවූහ.
ලබන 25 වන දින තම ව්‍යාපාරයට ගොවිතැන් කටයුතු සදහා ජලය නිකුත් කිරීමට තීරණය කර ඇති අතර පොහොර ලබා නොදෙන්නේනම් තමන් ගොවිතැනින් ඉවත් වන බව විරෝධතාකරුවන් කියා සිටියහ.
ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විරෝධතාකරුවන් කියා සිටියේ පසුගියදා පෙර කන්න රැස්වීමේදී ලබන 25 වන දින ඇලහැර ව්‍යාපාරයේ වගා කටයුතු සදහා ජලය නිකුත් කරන බවයි. ඒහෙත් තම වගා කටයුතු ආරම්භ කිරීමට ජලය නිකුත් කරන දින තීන්දු කළද වගාවට අවශ්‍ය පොහොර ලබා දෙන දිනයක් සම්බන්ධව කිසිදු නිළධාරියෙක් ප්‍රකාශ නොකිරීම හේතුවෙන් තමන්ට වගාව සම්බන්ධව අවධානමක් ගත නොහැකි බවයි.
ඒම නිසා පොහොර ලබා නොදී වගාවට අවශ්‍ය ජලය නිකුත් නොකරන ලෙස ඉල්ලා සිටියහ. තවද ගොවි හඬට සවන් නොදී ජලය නිකුත් කරන්නේනම් ගොවියා වගාවෙන් ඉවත් වන බවද ඔවුහු කියන්නට විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මඩ සෝදා ගත් ගොවියන් රජකමට..... එදා එහෙම කියලා පිලිගත්තාට..... මෙදා ඩඩ්ලි සිරිපාලයි රජකමට.... පත්කරලා උන් බලයට ගිජුකමට....
කෘෂිකර්මය නොදන්නා කරුමක්කාරයෙක් ඇමැති පට්ටමේ ඉන්නකොට මීට වඩා මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්...? මහ උදවියගේ එහෙයියෝ රටේ ඉතාම වගකිවයුතු තැන්වලට දාලා තියෙන්නේ මහ උදවියට කැමැති විදිහට කොල්ල කන්න. මහින්දානන්දගේ කට්ටිය අර නාවලපිටියේ උඩු බිරුවේ. ඒ අය සත්තු කියලා ප්‍රසිද්ධියේ ඔප්පුකළා. ගුරාගේ හැටියටනේ ගෝලයෝත්... ඇවිදින මංතීරු හදලා රටක් සංවර්ධනය කරන්න පුළුවන් කියලා පෙන්නන්න හදන්නේ... ගුරාගේ මොලෙත් එච්චරයිනේ...
මොනවා කළත් වැඩක් වෙන්නේ නැහැ. සර්ගේ නඩය රට කාලා තමයි නවතින්නේ...