
(මහේෂ් කිර්තිරත්න)
සිය මිතුරන් සිව් දෙනෙකු සමඟ මාතලේ ඇල්කඩුව හුන්නස්ගිරියවත්තේ දිය නෑමට ගිය මහනුවර ප්‍රදේශයේ පාසල් සිසුවෙකු ඊයේ (12)දා පස්වරුවේ දිය ඇල්ලෙන් පහතට වැටි මිය ගොස් ඇති බවත් තවත් සිසුන් දෙදෙනකු තුවාල ලබන ඇති බව පොලිසිය කියයි .
මෙසේ අවසනාවන්ත අනතුරට පත්ව මියගොස් ඇත්තේ මහනුවර සුමංගල විද්‍යාලයේ උසස් පෙළ පංතියේ ඉගෙනුම ලබන තරුෂ්ක නවින් ඒකනායක (19) හැවිරිදි සිසුවෙකු වන අතර ඔහු වත්තේගම මීගම්මන ප්‍රදේශයේ පදිංචි අයෙකි.
තුවාල ලැබු අනෙක් සිසුන් දෙදෙනා මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි.
මෙම සිසුන් තිදෙනා තවත් මිතුරකු සමඟ මාතලේ හුන්නස්ගිරිය වත්තේ දිය ඇල්ලක දිය නෑමට ගොස් ඇති අතර මෙම පාසල් සිසුන් තිදෙනා සමඟ පැමිණ ඇති අනෙක් තරුණයා රැකියාවක් කරන අයකු බව ද පොලිසිය පවසයි.
ඔවුන් සිව්දෙනා යතුරුපැදි දෙකකින් මෙම ගමන ගොස් තිබූ බවත් ඔවුන් ඇල්ල මතට නගින්නට ඇති බව මුලික පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.
මෙම ස්ථානය ගල් සහිත ලිස්සන සුළු ස්ථානයක් බවත් මොවුන් ගල මුඳුනට නැග ඇති බවට කරුණු හෙළිවන බවද පොලිසිය කියයි. සිසුවාගේ මෘත දේහය මාතලේ මහ රෝහල් මෘත ශරිරාගරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කන්දෙනුවර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කීකරුව විනයගරුකව හොඳින් දෙමාපියන් පවුලේ ඥාතීන් හා වැඩිහිටියන් සමඟ අන්නෝන්‍ය සම්බන්ධකම් පවත්වන දරුවන් කොහෙන් සොයාගන්නද?