
(සුජිත් හේවාජුලිගේ )
පහළොස් දෙනෙකුට මරු කැඳවමින් ඇල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථයේ සුන්බුන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට හෙට (8) බාරදීමට නියමිතය.
අනතුරට හේතුව එමඟින් තහවුරු කර ගැනෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
ජාතික ප්‍රමාණාධිකාරියේ නිලධාරීහු පිරිසක්ද එම සුන්බුන් ඊයේ පරීක්ෂා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් බස් එකත් රස පරීක්ෂක අර පරීක්ෂක මේ පරීක්ෂකට කියලා බැලෙව්වා. ඔහු කිසිම දෙයක් වුනේ නැහැ, කිසිම පියවරක් ගත්තේ නැහැ, ආපහු අනතුරක් වුනා, පරීක්ෂක අනතුර වුනු බස් එක පරීක්ෂා කරනවා. මේවා ලෝක විහිළු. තලා යකඩවලට උණු කරන්න ඕන වාහන අපේ රටේ කෑලි අමුණාගෙන පූට්ටු කරගෙන දුවනවා. කලින් පාසල් වැන් එකක් අනතුරට පත්වුනා. එකේ පින්තූර පරීක්ෂා කර බලන්න, මළකඩ විමානයක්. කොටින්ම කිව්වොත් එක කෙලින් තියාගෙන දිව්වෙත් කොහොමද කියල හිතෙන තරමට මළකඩ. හැප්පිලා තැලිලා කන්ඩෙම් වුනු වාහන ආපහු කෑලි පූට්ටු කරලා කැට්ලොයි ගහලා පේන්ට් ගහලා විකුණනවා. ඒ විකුණන්නේ එම මොඩලයේ අලුත්ම වාහනේ පිටරටක විකිණෙන මිල වගේ කිහිප ගුණයකට. ඔන්න අපේ රටේ හැටි. මේවා කිව්වම පාන්ඩුවේ බයි සේනාව කුපිත වෙලා අපට ගරහනවා.