
ඇමෙරිකාවේ ජනපද කීපයක ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ ඉහඝ යෑමක් පෙන්නුම් කරන බව එරට මාධ්‍ය පවසයි.
ඇමෙරිකාවේ රෝග පාලනය සහ වැලැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මේවනවිට ඉන්ෆ්ලුවෙන්සා වයිරසය ආසාදනය වී, ඇතිවුණු සංකූල තත්ත්වයන් හේතුවෙන් මියගිය ඇමෙරිකානුවන් ගණන 11,000 ක් බවය.
වයිරසය ආසාදනය වූ 270,000 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් කුඩා දරුවන් බොහෝ දෙනකු ඒ අතරේ සිටින බවත් වාර්තා වේ.
ඇමෙරිකාවේ මේ අයුරින් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ ඉහළ යෑමක් වාර්තා වූයේ 2011 වසරෙන් පසුව යැයි පැවැසෙයි.
‘සාමාන්‍යයෙන් ශීත සෘතුවේ ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. නමුත් මෙම වසරේ එය අසාමාන්‍ය ලෙස වැඩි වීමක් දකින්න ලැබෙනවා හොඳ සෞඛ්‍ය පුරුදුවලට අනුගත වීමෙන් රෝගයෙන් ආරක්ෂා වෙන්න පුළුවනි.’ යැයි ඇමෙරිකාවේ රෝග පාලනය සහ වැලැක්වීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd