බොලිවියාවේ දැනට උද්ගතව ඇති නොසන්සුන්තාවයන් හේතුවෙන් එහි සේවය කරන ඇමෙරිකානු රාජ්‍ය සේවකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට රටින් පිටවන ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝග කර ඇත.
බොලිවියාව වෙත ගමන් කරන ඇමෙරිකානු පුරවැසියන්ට ද රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.
මෙම දකුණු ඇමෙරිකානු රාජ්‍යයේ පැවති මතභේදාත්මක මැතිවරණයෙන් පසු ඇවිලුණු විරෝධතා හේතුවෙන් ජනපති ඊවෝ මෙරොලෙස් ධූරයෙන් ඉල්ලා අස්වී රටින් පලා ගියේය.
මෙවැනි වාතාවරණයකදී හදිසි සේවා සැපයීමට ඇමෙරිකාවට ඇත්තේ සීමිත හැකියාවක් බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ තියන ලොකු ලිතියම් නිධියක් තියෙන්නේ බොලිවියාවේ...
කුමන්ත්රණයකින් බලයෙන් පහකරන ලද බොලීවියාවේ ජනාධිපති බවට පත්වූ ප්‍රථම ආදිවාසීයා වූ එවෝ මොරාලෙස් මම කැමති ලෝක නායකයෙක්... බොලීවියාවේ කඳුකරයෙන් පැමිණි එඬේරකු වන ඔහු දකුණු ඇමෙරිකාවේ දුප්පත්ම රට වන බොලීවියාවේ මිලියන ගණනාවක් දුප්පත්ම ජනතාවගේ දුක්ඛිත ජීවිත ඉහළට නැංවූ කෙනෙක්. 2006 සිට 2019 නොවැම්බර් 10 දක්වා ඔහු බොලීවියාවේ ජනාධිපති. ඔහු දැන් ඉන්නේ මෙක්සිකෝවේ දේශපාලන රැකවරණ යටතේ....