ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් පුද්ගලයන්ගේ නවතම ලැයිස්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් වී තිබේ.
ඇමරිකානු බදු ගෙවන්නන්ගේ වගකීමෙන් නිදහස් වන්නන්ගේ නාම ලේඛනය අද (8) නිල වශයෙන් නිකුත් කළ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමද එහි ඇතුළත් වී තිබිණි.
ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් රජයේ ආදායම් බදු පිළිබඳ ආයතනය කාර්තුවකට වරක් එම ලේඛණය නිකුත් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ඇත්තේ 2019 වසරේ අප්‍රේල් මාසයේ දී යැයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය තහවුරු කරයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පේනවනේ අපගේ ජනබලවේගවල්... මිනිස්සු මුලා කරන්න කරපු දේවල් කියලා... තවමත් කරන්නේ ඒ වගේ දේවල් තමයි... දැන් ඡන්දෙ අල්ලගෙන දඟලනවා...
දැන් පේනවනේ අපේ ජනබලවේගවල් මිනිස්සු මුලා කරන්න කරපු දේවල් කියලා.. තවමත් කරන්නේ ඒ වගේ දේවල්... දැන් ඡන්දෙ අල්ලගෙන දඟලනවා.
ජෙප්පෝ කියාවි මේක ඇමරිකාවේ ට්‍රම්ප්ට කියලා බොරුවට දම්මලා කියලා. ජෙප්පෝ මේ පුරවැසිභාවයට මොනවද නොකිව්වේ? මහබැංකු අධිපති මහා බැංකුව මංකොල්ල කනකම් බලාගෙන හිටිය මලික් මොනවා හරි හිතයි කියලා වෙන්න ඇත්තේ...
කොලපාට ගැත්තන්ට ගෝඨා ඇමෙරිකන් කාරයෙක් වුණාට රටට හිතැති පුරවැසියන් පූර්ණ ශ්‍රී ලාංකිකයෙක්, ඒක නිසයි කවුරු හඬ තැලුවත් අපි ඔහුව ජනාධිපති පුටුවේ ඉන්දුවේ..
අනේ අර එන්ජීඕ කාක්කෝ ටික දැන් කොහේ ඉන්නවද දන්නේ නැහැ . මේකේ කොමෙන්ට් කොටන සමහර අයටත් දැන් ඉතින් ගොඩක් හිත රිදෙයි ඔන්න...
චන්දෙට කලින්ද? චන්දෙට පස්සෙද?
මේකෙන් පැහැදිලිවම ඔප්පු වෙනවා ජනාධිපතිවරයා මේ රාජ්‍ය ලේඛනයේ දාතම සඳහන් 2020 මැයි 4 වෙනිදා දක්වා ඇමරිකන් පුරවැසියෙක් වෙලා හිටපු බව හෙවත් නොවැම්බර් 16 වෙනිදා ලංකාවේ ජනාධිපති විදිහට ඔහුගේ පත්වීම නීත්‍යනුකුල නැති බව. ඇමරිකන් තානාපති කාර්යාලය කියන එක නීත්‍යනුකුල පිළිගැනීමක් නෙමෙයි. මේ තමයි පුරවැසි භාවය ඉවත් වුනු නීත්‍යනුකූල ලේඛනය. ඇමරිකාව මේ රාජ්‍ය ලේඛනය හැම කාර්තුවකම හෙවත් හැම මාස තුනකටම වරක්, අවුරුද්දකට 4 වතාවක් නිකුත් කරනවා. 2019 අවුරුද්දේ මේ ලියවිල්ල, 2019 නොවැම්බර් 12, 2019 අගෝස්තු 15, 2019 මැයි 13 සහ 2019 මාර්තු 13 විදිහට 4 වතාවක් නිකුත් කරලා තියෙනව. ඒ අරුනුහම මේ අවුරුද්දේ 2020 පෙබරවාරි 11 වෙනිදා පලවෙනි කාර්තුව සඳහාත් නිකුත් කරලා තියෙනවා. මේක දෙක. ඒ කියන්නේ ජනාධිපතිවරයා චන්ද අපේක්ෂක නීති උල්ලංඝනය කරලා ද්විත්ව පුරවැසියෙක් විදිහට තමයි චන්දෙ ඉල්ලලා තියෙන්නේ. බරපතල වංචාවක්. පැහැදිලිවම, පුරවැසිභාවය අහෝසි කරන්න ඉල්ලපු ඉල්ලුම්පත්‍රය බල ගන්නල තියෙන්නේ ජනාධිපති වුනාට පස්සේ. ඒ හින්ද ජනාධිපතිවරයා විදිහට ගෝඨාභය අත්සන් කරන කිසි දෙයක් නීත්‍යානුකූල නැහැ. වහාම වැඩ බලන ජනාධිපතිවරයෙක් පත් විය යුතුයි.
කෝ මේ උසාවි ගිය අය? දැන් ඉතින් ඕක බලල තම්බන් කාපියව්...
කෝ මෙ තේනුවර?
ඔන්න සජි පුතාලගේ, රතුමල්ලිලගේ, එක තුරුම්පුවක් හැලුන.
චම්පට හරි අමාරුයි වගේ. වැඩ බලන ජනාධිපති කෙනෙක් පත්කරන්නේ ඕනේ නෑ. ඉන්න කෙනා හොදටම හොදයි. ආපහු සජිත්ලට මෙරට බාරදීලා කෙලවන්නයි හදන්නේ. අමාරුවට සජිත්ගෙන් බෙහෙත් අහගන්න. එයා දැන් වෙදකනුත් කරනවනේ.
අලුතින් නිකුත් කරපු ලේඛනයට අනුව එය 2020 පළමු කාර්තුවේ පුරවැසිභාවය ඉවත් කරගත්ත අයගේ නම ඇතුලත් ලේඛනය වේ.
ලැයිස්තුවක නම සඳහන් කළ දින සිට තමයි හරි නම් එහි වලංගුභාවය ඇත්තේ... ඒ සඳහා ඉල්ලුම් කළ දවසේ සිට නොවේ. හරි නම් නැවත මැතිවරණයක් තැබිය යුතුයි. නීතියක් නැති රටක මොකට කියනවද..? මෙහි අදහස් දමා ඇති වැඩි දෙනෙක්ට නීතියක් ගැනවත් අවබෝධයක් නැතිබවයි පෙනෙන්නේ...
ජනාධිපතිතුමාගේ පුරවැසිකම අතහැරියාට අාර්යාවගේ පුරවැසිකම තිබෙනවා. අාර්යාවට, දෙදෙනාගේම රජයෙන් දෙන විශ්‍රාම වැටුප ලැබෙනවා. එතුමා විශ්වවිද්‍යාලයේ රැකියාව කරන කාලේ උපයාගත් විශ්‍රාම වැටුප ලැබෙන අතර ඒ මුදලට අාදායම් බදු ගෙවන්නත් වෙනවා.
මාගේ ස්වාධීන අදහස වනුයේ ශ්‍රී ලංකාවේ සියලු චක්‍රලේකන හා 19වන ආණඩුක්රම ව්‍යවස්ථාව සැම රාජ්‍ය උසස් බලධාරීන් එකඟ බවත්, ශ්‍රී ලංකා නීතියට ගරු කරමින් මේ තත්ත්වය අදල නොවූබවත්, රනිල් වික්‍රමසිංහ හා ප්රතිවාදීන්හට මෙය වැඩිදුර තර්කානුකූලව නොවූ බවත්, සියල්ල සිදුවී හමාරය... නැවත අර්තකථනය කළ නොහැකිය.
මේකේ ලියන චම්පාලා වගේ අය ඇතුළුව සකල ලංකාවාසී එන්.ජී.ඕ. කාක්කන් නඩයට දැන් ඉතින් මෝඩ නීති තර්ක ගෙනත් වින්දනයක් අරගෙන හිත හදාගන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද? මොකෝ මේ ආත්මෙට මුන්නහේලාගේ උඩුබුරලෑමට බයේ ජනපති අස්වේවිද?
අනේ මෙහෙම මෝඩ සෙට්එකක්... දැන් මොකක්ද දන්නේ නැහැ කියන්න තියෙන්නේ...?
ලංකාවේ ආණුඩුක්රම ව්‍යවස්ථාවට එරෙහිව, නීතිවිරෝධී ජනාධිපති අපේක්ෂකයෙක් හැටියට ලේඛන ඉදිරිපත් කරලා සිදුකරලා තියෙන්නේ ප්‍රජා අයිතිය පවා අහෝසි කල හැකි වරදක්. අලි ශබ්රි වැනි ජනාධිපති නීතිඥවරු දැන දැන අධිකරණය, මැතිවරණ කොමිසම මුලා කළා. මීට එරෙහිව අධිකරණ කටයුතු ආරම්භ විය යුතුයි.. යුක්තිගරුක සමාජයක් වෙනුවෙන්...
ගෝඨාභය පත්කරගත්තේ මේ රටේ ජනතාව. වෙනත් අය පත්කර ගන්නවාට වඩා ජනතාවට අවශ්‍ය නම් ට්‍රම්ප් පත්කරගත්තත් ඇති වැරැද්දක් මා නම් දකින්නේ නැහැ.
දැන් හරි. රට දියුණු කරගන්න බැරිවෙලා තිබ්බ එකම හේතුව ඕක තමයි. දැන් ඉතින් පට් පට් ගාලා වැඩකරලා පෙන්වයි.. කවුරු හරි එහෙම හිතාගෙන ඉන්නවා නම් කියන්න තියෙන්නේ නොම්බර එකේ වහලෙක් කියලා තමයි.. ගෝඨාභයද, සජිත්ද, අනුරද නෙමෙයි ප්‍රශ්නේ.. ඔය කියන ඔක්කොම කරන්නේ තමන්ගේ වාසියට මිනිස්සු රවට්ටන එක විතරයි. ඒ රැවටිල්ලට උඩ ගෙඩි දෙන හෙන්චයියන්ට ඇරෙන්න මේ රටේ ජීවත් වෙන බහුතරයක් මිනිස්සුන්ට කිසිම සහනයක්, යහපතක් මේ කපටි තක්කඩි පිරිසගෙන් ලැබෙන්නේ නෑ. ගිය අප්‍රේල් වල 225ම එලවන්න ඕනෑ කියලා කෑගහපු අයම දැන් 225ට සැප දෙන්න පිල් බෙදිලා වාද කරනවා. මඩ ගහනවා.. කමෙන්ට් වල තියෙන්නෙත් එච්චරයි..
මේකත් එක්ක ඉස්සරහට ආයෙත් නඩු යුගයක් ඒවී වගේ. මහින්ද මහත්තයාට වාසියක් වෙන්නත් බැරි නෑ.
නිහඬ සේවයක් කරන ඔබතුමාට ජය...
මේකෙ ඉන්න වහල්ලු වුණත් මැදමුලනෙ නම් ඕන කෙනෙකුට කඩේයනවා...
නිකන් මෙ අහන්නේ ...ඇයි ඉතින් ගෝඨා ඒක නැති කරගත්තේ.... ?
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය මට පැවසුවේ 2019 වසරේ අප්‍රේල් මාසයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සදහා අයදුම් පත ඉදිරිපත් කර ඇති බව....
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය මට පැවසුවේ 2019 වසරේ අප්‍රේල් මාසයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සදහා අයදුම් පත ඉදිරිපත් කර ඇති බව...
බය වෙලා මගේ උත්තර දාල නැහැ.
කව්ද ඇත්ත කියන්නේ? කව්ද බොරු කියන්නේ?
කෝ අර කෑ ගහපු ගොබ්බයෝ ටික?