
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ගුවන් යානයක ගින්නක් හටගත්තේය.
ගින්නත් සමඟ යානය, ඩෙන්වර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හරවා යැවීම සිදුවුණු අතර, එය ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබෑමට නියමුවෝ සමත් වූහ.
යානයේ මගීන් වහා පිටතට ගැනීම සිදුවන අතරතුරේ ගිනි නිවන හමුදා භටයන්ට ගින්න නිවා දැමීමට හැකිවිය.
යානයේ මගීන් 212 දෙනකු සිටි අතර කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන 6 කි. ඔවුන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවිණි. යානයේ ගින්නට හේතුව එහි ඇන්ජිමක් සිදුවුණු කාර්මික දෝෂයක් බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1447
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1305
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
471
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්