ඇමෙරිකාවේ එච්.අයි.වී ඒඩ්ස් අසාදිත කාන්තාවක් සුවය ලබා තිබේ. ඒ කඳ සෛල යොදා ගනිමින් කළ ප්‍රතිකාර ක්‍රමයක් සාර්ථක වීමෙනි.
මෙම ප්‍රතිකර්මයෙන් එච්.අයි.වී වයිරසයෙන් සුවය ලැබූ ප්‍රථම ඇමෙරිකන් කාන්තාව වන්නේ මැයයි. එමෙන්ම ගෝලීය වශයෙන් ච්.අයි.වී වයිරසයෙන් සුවය ලැබූ තෙවැනියා වන්නේ ඇයයි.
මෙම කාන්තාව ලියුකේමියා රෝගියෙකු බව ද පැවැසෙයි.
ලියුකේමියා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා සිදුකළ ප්‍රාථමික සෛල සහ පෙකණි වැලෙන් ලබාගත් රුධිරය බද්ධ කර ඇති අතර, දායකයා ගේ රුධිර සෛල ස්වාභාවිකවම එච්.අයි.වී වයිරසයට ප්‍රතිරෝධයක් දැක්වීම හේතුවෙන් රෝගය සුව වී ඇතැයි වෛද්‍යවරු පවසති.
මාස 14 කාලයක සිට ඒඩ්ස් රෝගයෙන් නිදහස් වී ඇති මැදි වයසේ පසුවන මෙම කාන්තාවට තවදුරටත් එච්.අයි.වී ඒඩ්ස් රෝගය සඳහා ප්‍රතිකාර අවශ්‍ය නොවන බව වෛද්‍යවරු පවසති.
විමුක්ති එස් රුද්රිගු
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ දේශීය දේවල් වලිනුත් පුළුවන් වේවි. නමුත් ඒවා නොපිළිගන්නා විදේශීය ගැතිකමෙන් මිදෙනතුරු අපට එයට හැකියාව නැතිවේවි
ගැතිවෙලා ඉන්නේ විදේශයට නෙමෙයි, විදේශයෙන් ලබන කොමිස් මුදලටයි...!