(අජන්ත කුමාර අගලකඩ)

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක සහ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ද සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

ඔහු අද(04) දිනයේ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කර ඉවත්වීමට ඉඩ ඇති බව ද එම ආරංචි මාර්ග වලින් පැවසේ .

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන මහත්වරුන් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ඔහු මෙසේ ඉවත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එම ආරංචි මාර්ග පවසයි .