
(සුජිත් හේවාජුලිගේ )
සේවක ගැටලුවක් පදනම් කරගෙන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ශර්මිලා රාජපක්ෂ මහත්මියට සේවයට වාර්තා නොකරන ලෙසට වනජීවී රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලිඛිතව දැනුම්දී තිබියදී ඇය දිගින් දිගටම සේවයට වාර්තා කිරීම නිසා එම දෙපාර්තමේන්තුව තුළ ලොකු ගැටුම්කාරී තත්වයක් මතුවී ඇතැයි වාර්තා වේ.
මේ තත්වය නිසා සේවක කණ්ඩායම් අතරද දැඩි නොසන්සුන්කාරී තත්වයක් මතුවී තිබෙන බව දැනගන්නට ඇත.
සේවයට වාර්තා නොකරන ලෙස රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ශර්මිලා රාජපක්ෂ මහත්මියට මෙලෙස දැනුම්දී ඇත්තේ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විවිධ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණය අවසන් වන තෙක් බව අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් පත් කෙරුණු කමිටුවක් මේ දිනවල විමර්ශනයක් පවත්වාගෙන යයි.
අමාත්‍යාංශ ලේකම්වරයා ඇයට සේවයට වාර්තා නොකරන ලෙස දැනුම්දී තිබියදී ඇය දිගින් දිගටම සේවයට වාර්තා කරමින් කටයුතු කරන බව වාර්තා වේ.
ඇය පින්නවල අලි අනාථාගාරයටද ගොස් එහි කටයුතු නිරීක්ෂණය කර ඇතැයි දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් අප වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ රාජපක්ෂ මහත්මියගේ මෙම ක්‍රියා ක්‍රියාකලාපය ඇයගේ යහපතට මෙන්ම ආයතනයේ පැවැත්මටද අහිතකර එකක් බවයි.
අමාත්‍යාංශ ලේකම්වරයාගේ දැනුම්දීම ඇය සැලකිල්ලට ගත යුතු බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.
මේ සම්බන්ධයෙන් අප සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ශර්මිලා රාජපක්ෂ මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති ලේකම්වරයාගේ අනුදැනුම මත තමා සේවයට වාර්තා කළ බවයි. සේවයට වාර්තා නොකරන ලෙස තමාට කිසිවකු දැනුම්දී නැතැයිද ඇය පැවසුවාය. සොරකම් සිද්ධීන් ගණනාවක් සහ සතුන්ගේ මරණ සම්බන්ධයෙන් තමා කළ පැමිණිලි අනුව දැනට පරීක්ෂණ තුනක් පැවැත්වෙන බවත් මේ පරීක්ෂණවලින් සත්වෝද්‍යානයේ සිදුවී ඇති සියලු දේ අනාවරණය වනු ඇති බවත් රාජපක්ෂ මහත්මිය ප්‍රකාශ කළාය. දූෂණ වංචා සම්බන්ධයෙන් තමාට එරෙහිව කිසිදු චෝදනාවක් ඉදිරිපත්වී නැතැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියක් නැති රටක්... රාජපක්ෂලාට නීතිය අදාළ නැහැ.
පොහොට්ටුවේ වෘත්තීය සමිති විසින් කරන ලද කාබනික පොහොර ව්‍යාපෘතියක්. අනිවාර්යයෙන්ම මහා පරිමාණ දූෂණ සිදුවෙන්න ඇති...
මෙයා කිසිම පාලන නීතියක් දන්නේ නැහැ කියලා පැහැදිලියි. තමන්ගේ ළඟම අධීක්ෂණ නිලධාරින්ගේ දැනුම්දීම නොපිළිගැනීම වරදක් වෙනවා.. කොහොමත් මෙයට පෙරත් මෙවැනි වැරැදි කිරීම් පලවී තිබුණා. කොහොමත් මුන්දෑ රාජපක්ෂ කෙනෙක් නිසා මෙහෙම උඩඟුවෙලා කියලා පේනවා. බලන්න රාජපක්ෂ කියලා බස් එකක් තිබුණොත් මොන වරදක් කළත් පොලිසියවත් බලන්නේ නැහැ නේද කියලා.. එකරටක්, එකනීතියක් කිව්වාට රාජපක්ෂලාට එක නීතියක්, කසිප්පුකාරයින්ට තව නීතියක් අහිංසක අයට අමුතුම නීති, කාට කියන්නද?
පොහොට්ටුව ගෑවුණු තැනක ඇත්තේ වංචාවයි, යටිමඩි ගැහිල්ලයි, දූෂණයයි...
ආ... මෙතුමිය රාජපක්‍ෂ කෙනෙක් නේද? එහෙනම් ලේකම්තුමාට ගෙදර යන්න වෙයි...
ඇයි මෙයා බලෙන් වැඩට එන්නේ...?
අද මේ රට මේ තත්වෙට පත්වෙලා තියෙන්නේ... කරන මිනිහෙකුටවත් වැඩක් කරන්න දෙන්නේ නැති දේශපාලුවන් නිසයි.... ඒකටම ගැලපෙන වැඩි ප්‍රමාණයක් වැඩ නොකරන රාජ්‍ය සේවකයෝයි නිසයි... මහජන මුදල් එළිපිට විනාශ කරන රටක්...!
මණ්ඩලය කචල් වගේ ?අරහේ සතොසේ කචල් .මෙහෙ වනජීවී කචල්.බැට කන්නේ අහිංසක සත්තුයි ,මිනිස්සුයි .
දූෂිතයන් සහ වංචනිකයන් අවංකව වැඩ කරන අයවලුන්ට කැමති නැහැ.එයා හිතට එකඟව අවංකව සේවය කරන අයවලුන්ට මහත් කරදරයක් .ඉන්න හොරුන් පන්නා දමා විනිවිද භාවයකින් පිරිසිදු පාලනයක් ඇති කල යුතුයි
දැන් මෙයා කිව්වේ තාවකාලිකව ඉල්ලා අස්වෙනවා කියලා නේද? එතකොට එහෙම නෙමෙයිද? මොනාද අප්පා මේ විහිලු?
සර් ෆේල්...