
(අජන්ත කුමාර අගලකඩ)
පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර සතියකට වැඩි කාලයක් ගතවී ඇතත් තවමත් ඔහුගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර ගෙන නැතැයි වෙළඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයෙ (05) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .
තම පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා නොකරන්නේ මන්දැයි තමාට ද ගැටලුවක් බව ඇමතිවරයා සඳහන් කර ඇත .
ලංකා සතොසේ සුදුලූනු වංචාවචක් සිදුවී ඇති බව තමා පිළිගන්නා නමුත් ,හිටපු විධායක අධ්‍යක්ෂවරයා තමා ඉලක්ක කර ගනිමින් මේ ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි යැයි ද ඇමති ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත.
එහිදී අදහස් දක්වා ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතා බන්දුල ගුණවර්ධන මහතාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් වහා පියවර ගන්නැයි පොලිස්පතිවරයාට දැනුම් දෙන බව පවසා ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරලුගොඩ හිවලා බොරු කියන්න හරි දක්ෂයි
ද සිල්වා මහතා, බන්දුල බොරළුගොඩ පවුලක කෙනෙක් නොවේ.
බොරලුගොඩ ගොයියා දන්නේ මලපහ වෙනකම් බෙරිහන් දීලා විපක්ෂයේ කට වහන්න දඟලන එක විතරයි.. මේ වයිමා ඊට වැඩිය ටිකක් සංවරයි. අඩුම ගණනේ කථා කරන්න දන්නවා.
අගමැතිතුමා පොලීසියට නියෝග කරනවා කියන්නේ පොලීසියට පැමිණිල්ලක් කළාම ඒක විභාග කරන්න බැරි හේතුව අපිට කියන්න කෙනෙක් නැද්ද?
ගණන් ගන්න එපා බන්දු අයියා... මොකද සීඅයිඩී එකේත් ඉන්නේ ඔබ, අප වැනි ශ්‍රී ලාංකිකයින් නොවේද?
මෙයාට වෙන වැඩක් නැහැ... පොලීසි සහ සී.අයි.ඩී... යනවා හැර...